Sunday, May 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා - පකිස්ථාන ටෙස්ට් තරඟයේදී ක්‍රිකට් ලෝක වාර්තාවක්




ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී නව ලෝක වාර්තාවක් බිහි කිරීමට පකිස්ථානයේ අබිඞ් අලී අද (15) සමත් වුණා. ඒ, ඔහු සහභාගී වූ පළමු ටෙස්ට් තරඟය වන මෙහිදී ශතකයක් රැස් කරගනිමින්. ඔහු තමන් සහභාගී වූ පළමු එක්දින තරඟයේදී ද ශතකයක් වාර්තා කළා. ඒ අනුව, ටෙස්ට් සහ එක්දින වරම් දිනා ගත් තරඟ දෙකේදීම සිය මංගල ශතකය වාර්තා කළ ලොව පළමු ක්‍රීඩකයා ලෙසයි අබිඞ් අලී අද ලෝක වාර්තාවක් බිහි කළේ. 

මීට අමතරව වසර 10 කට පසු පකිස්ථානයේදී ශතකයක් රැස් කළ පළමු ක්‍රීඩකයා ලෙස ද ඔහු වාර්තා පොත් අතරට එක් වුණා. තරඟය පැවැත්වෙන රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේදී වසර 19 කට පසු වාර්තා වූ පළමු ශතකය ලෙස ද එය ඉතිහාසයට එක් වීම විශේෂත්වයක්.
වසර 10 කට පසු පකිස්ථානයේදී පැවැත්වෙන මෙම ටෙස්ට් තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පළමු ඉනිමට කඩුලු 6 කට 

ලකුණු 308 ක් රැස් කළා. තරඟය අද ජය - පැරදුමෙන් තොරව නිමා වනවිට පකිස්ථානය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 2 කට ලකුණු 252 ක් රැස් කරගෙන සිටියා.