Thursday, May 9, 2024

General line - 0115112241

විභාග මධ්‍යස්ථානවල මදුරු තර්ජන




උසස් පෙළ විභාගය සඳහා විභාග මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා බොහෝ පාසල්වල ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන සුලභව පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එම පාසල්වල විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන අමාත්‍යංශය ඒ පිළිබඳ විමසිලිමත්විය යුතු බවයි එහි ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ ප‍්‍රශීලා සමරවීර පැවසුවේ.

උසස් පෙළ විභාගය ආරම්භ වීමට පෙර අවදානම් සහිත බව හඳුනාගත් විභාග මධ්‍යස්ථානවල දූමායනයක් සිදු කළ බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මෙවැනි දූමායනයක් අදාළ පාසල් 3 වන වාරය සඳහා නැවත විවෘත කිරීමට පෙර සිදු කරන බවයි ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ ප‍්‍රශීලා සමරවීර වැඩිදුරටත් කියා සිටියේ.

මෙම වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු රෝගින් තිස්දහසකට ආසන්න සංඛ්‍යාවක් රටපුරා වාර්තා වී ඇතැයිද ප‍්‍රකාශ කෙරුණා.