Thursday, May 9, 2024

General line - 0115112241

ගෝඨාභයට මහින්ද නිසා අහිමි වූ දේ




ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඉහළ පෙලේ තනතුරක් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් භාර ගැනීම වළක්වාලූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා.

අමාත්‍යවරයා ඒ බව පැවසුවේ නෙත් නිවුස් සමග කළ විශේෂ සංවාදයකදීයි.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් විමසීමක් කළා.

ඔහු පැවසුවේ දේශපාලනය කිරීමට තමන්ට කිසිදු අදහසක් නොමැති බවයි.

තමන් හමුදා නිලධාරියෙකු බවද සිහිපත් කළ හිටපු ආරක්ෂක ලේකම්වරයා දේශපාලන තනතුරු තමන් කිසිවිටෙකත් ඉල්ලා නොමැති බවද එවැනි තනතුරු ලබාදුන්නත් තමන් භාර නොගන්නා බවද අවධාරණය කළා.

ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනයට ගෙන ඒමේ බලාපොරොත්තුවක් ඇත්දැයි එක්තරා අවස්ථාවක මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේදී මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවක ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ” තමන්ට හොඳ ලේකම්වරු ද සිටිය යුතු බවයි”

එවකට ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළා.