Thursday, May 9, 2024

General line - 0115112241

පාඩු හිලව්වට චීනයට හෙක්ටයාර් දෙකක්




පෝර්ට් සිටි ව්‍යාපෘතියේ වැඩ නතරවී තිබීම හේතුවෙන් එහි ඉදිකිරීම් භාරව සිටින චීන සමාගමට සිදුවන පාඩුව වෙනුවෙන් ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයෙන් තවත් හෙක්ටයාර් 2ක් නිදහස් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

නව ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසුව පොර්ට් සිටි ව්‍යාපෘතියේ කටයුතු නතර වූ අතර ඒ නිසා තමන්ට සිදුවූ පාඩුව මාසිකව ගණනය කරමින් ශ්‍රී ලංකා රජය වෙත සෑම මසකම අදාළ චීන සමාගම විසින් අලාභයේ ගණන නිල වශයෙන් දැනුම් දුන්නා.

එම මුදල් ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් මේ දක්වා අදාළ චීන සමාගමට ගෙවා නැහැ. ඒ අනුව එම අලාභය වෙනුවෙන් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙන් තවත් හෙක්ටයාර් 2ක් පොර්ට් සිටි ව්‍යාපෘතිය වෙනුවෙන් ලබාදීමට දෙපාර්ශවයම එකඟ වී ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසුවා.