Saturday, May 18, 2024

General line - 0115112241

නව රජයේ විදෙස් පිළිවෙත ගැන ජී එල් කරුණු කියයි




පසුගිය රජය සමයේ ජිනීවාහි මානව හිමිකම් කොමිසමේදී එකගතාව පළ කර ඇති ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාවලිය පිළිබද රජය අධ්‍යයනය කරමින් සිටින බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට ප‍්‍රතිචාර දක්වමින් මහාචාර්ය ජී එල් පීරිස් මේ බව කියා සිටියා.
 

එම් සී සී ගිවිසුම ඇතුළු සියළු විදෙස් ගිවිසුම් අහෝසි කිරීමට සහාය දෙන බවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාස සිදුකළ ප‍්‍රකාශය සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් මහාචාර්ය ජී එල් පීරිස්ගෙන් මෙහිදි ප‍්‍රශ්න කළා.