Saturday, May 18, 2024

General line - 0115112241

මෙම වසරේ විදුලිබල මණ්ඩලයේ පාඩුව කෝටි 12000 ඉක්මවනු ඇතැයි ඇමති මහින්ද අමරවීර කියයි




මෙම වසරේ ලංකා විදුලිබල මණ්ඩලයේ පාඩුව රුපියල් කෝටි 12,000 ඉක්මවනු ඇතැයි පුරෝකතනය කර ඇති බව ප‍්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

නව වසර සඳහා රාජකාරී කටයුතු අරඹමින් දෙමටගොඩ දුම්රිය අංගනයේ පැවැති පැළ සිටුවීමේ අවස්ථාවකට අද එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

රාජ්‍ය ආයතන රැසක් පාඩු ලැබීමට හේතුවී ඇත්තේ අකාර්යක්ශමතාව බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ. සෑම රාජ්‍ය සේවකයෙකුම තම ආයතන ලාභ ලබන ආයතන බවට පත් කිරීම සඳහා කැපවී කටයුතු කළ යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ලංකා විදුලිබල මණ්ඩලය මගින් මෙම වසර තුළ නව විදුලිබල ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ අනුව විදුලි අර්බුදයක් ඇතිවීම වැළැක්වීම මෙන්ම හදිසි මිලදී ගැනීම් සදහා වැයවන මුදල් ඉතිරිකර ගැනීමට හැකිවනු ඇතැයිද අමාත්‍යවරයා විශ්වාසය පළ කළා.