Saturday, May 18, 2024

General line - 0115112241

"දරුවන්ට නව සිතුවිලි සමග නව පාසල් වාරය ආරම්භ කරන්න අවස්ථාව දිය යුතුයි"




රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් 2020 නව වසර සඳහා අද (02) ආරම්භ වනවා. කෙසේවෙතත් ඉකුත්දා පැවති සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් සඳහා යොදා ගැනෙන පාසල් 47 ක් පමණක් නව වසර සඳහා විවෘත කෙරෙන්නේ ලබන සදුදායි. 

මේ අතර නව වසරේදී නව සිතුවිලි සමග ඉගෙනීම් ආරම්භ කරන්නැයි අධ්‍යාපනඥයින් පාසල් දරු දැරියන්ට උපදෙස් ලබාදෙනවා. එවිට වඩා හොද ප‍්‍රතිඵල ලබාගත හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. 

ප‍්‍රවීණ දේශක සරත් ආනන්ද ගුරුතුමන් මේ බව පැහැදිළි කළා.

ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය යසාංජලී දේවිකා ජයතිලක ද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූවා.

ඇය පැවසුවේ පාසල් අධ්‍යාපනයේදී විෂයානුබද්ධ දැනුම වැඩි කර ගැනීමට මෙන්ම නිපුණතා සහ ආකල්ප සංවර්ධනයටද දරු දැරියන් උනන්දු විය යුතු බවයි.

ශී‍්‍ර ලංකාවේ පාසල් අධ්‍යාපනය ලබන දරු දැරියන් ගණන ලක්‍ෂ 42 කට ආසන්නයි.