Saturday, May 18, 2024

General line - 0115112241

නියොමාල් රංගජීව යළි සේවයේ පිහිටුවයි




සේවය අත්හිටුවනු ලැබ සිටි පොලිස් පරීක්‍ෂක නියොමාල් රංගජීව යළි සේවයේ පිහිටුවා තිබෙනවා. ඒ, සේවය අත්හිටුවන විට ඔහු සේවයේ යෙදී සිටි පොලිස් ක්‍ෂේත‍්‍ර බලකා මූලස්ථානයටම අනියුක්තවයි. 

රට පුරා සිදුවූ ප‍්‍රමුඛ මත්ද්‍රව්‍ය වැටලීම් ගණනාවක් සඳහා පොලිස් පරීක්‍ෂක නියොමාල් රංගජීව දායකත්වය ලබාදී තිබෙනවා.

පිළියන්දල ප‍්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරමක් වැටලීමට ගිය අවස්ථාවේ ඔහු වෙඩි තැබීමකටද ලක් වුණා.

කෙසේවෙතත් 2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් ඔහු ද චෝදනාවට ලක් වූ අතර ඔහුගේ සේවය අත්හිටුවනු ලැබුවේද ඒ අනුවයි.

මේ අතර කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති ලෙස මේජර් ජෙනරාල් ගයන්ත ගුණරත්න පත්කර තිබෙනවා.

මෙම පත්වීම සිදුකර ඇත්තේ යුද හමුදාපතිවරයා විසින්. කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති ලෙස මීට පෙර කටයුතු කළේ මේජර් ජෙනරාල් විජිත රවිපි‍්‍රයයි. ඔහුුගේ විශ‍්‍රාමයාම නිසා එම ධුරය පුරප්පාඩු වී තිබුණා.