Saturday, May 18, 2024

General line - 0115112241

මන්තී‍්‍ර විජයදාසගේ 21 වන සංශෝධනයට ජවිපෙ එරෙහි වෙයි




පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය විජයදාස රාජපක්‍ෂ පෞද්ගලික මන්තී‍්‍ර යෝජනා ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 21 වන සහ 22 වන සංශෝධන පිළිගත නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. 

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දැනට ඇති ප‍්‍රශ්නකාරී තැන් නිවැරදි කිරීම සඳහා මෙම යෝජනා ඉදිරිපත් කරන බවයි ඊයේ (01) පැවැත්වූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය විජයදාස රාජපක්‍ෂ කියාසිටියේ.

එහෙත් එමගින් සිදුවන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තර්ජනයට ලක්වීමක් බව ජනතා විමුක්ති පෙරමුුණේ අදහස වනවා.

ඒ පිළිබද වැඩිදුරටත් කරුණු දැක්වූයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායකයි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනයද ප‍්‍රජාතන්ත‍්‍රවාදයට තර්ජනයක් වන්නේ කෙසේ දැයි මෙහිදී විස්තර කෙරුණා.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂයෙන්ද විමසීමක් කළා. ඊට පිළිතුරු දුන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර හර්ෂණ රාජකරුණා කියා සිටියේ එක් පුද්ගලයෙක් මත බලය පැවරීමට සිය පාර්ශ්වය විරුද්ධ බවයි..

මේ අතර හෙට ආරම්භ වන පාර්ලිමේන්තුවේ නව සැසි වාරයේදී කටයුතු කලයුත්තේ කෙසේ දැයි සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම අද රැස්වන බවද පාර්ලිමේන්තු මන්තී‍්‍ර හර්ෂණ රාජකරුණා පැවසුවා. එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම අද මෙලෙස රැස්වීමට නියමිතව තිබෙන්නේ පස්වරු 3.00 ටයි.