Saturday, May 18, 2024

General line - 0115112241

රාජ්‍ය ඇමති අවුලක් ගැන අනාවරණය කරයි




කෘෂි නිෂ්පාදන සම්බන්ධයෙන් දත්ත සහ සංඛ්‍යාලේඛන වඩා නිවැරදිව ලබාගැනීම සඳහා නව ක‍්‍රමවේද සකස් කළයුතු බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක පවසනවා.

පාරිභෝගිකයන් සහ ගොවීන් යන දෙපිරිසම පීඩාවට පත් කරන මිල අඩු වැඩිවීම් වළක්වා ගැනීම සඳහා වඩා නිවැරදි තීරණ ගැනීමට ඒ අනුව හැකිවනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ප‍්‍රමාණවත් තරම් සහල් සහ වී තොග තිබෙන බවට එක් පසෙකින් ප‍්‍රකාශ වෙද්දී තවත් පසෙකින් සහල් හිඟයක් ඇතැයි ප‍්‍රකාශවීම සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍යවරයා මෙම කරුණු දැක්වූවා.

එහිදී "ගොවිජන සේවා දෙපාර්තමේන්තුව දෙන සංඛ්‍යා ලේඛන අනුව ගණන් හදලා බැලුවාම වී නිෂ්පාදනයේ අතිරික්තයක් තියෙනවා. හැබැයි දැන් කියනවා සහල් හිඟයක් තියෙනවා කියලා. කොහොමද ඒක වෙන්නේ. අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. මොකක් හරි මෙතන තියෙනවා. ජනතාවට හැමදාම මේ පීඩනය දෙන්න බෑ.." යනුවෙන් සඳහන් කළා.

වගාවන් සඳහා නව තාක්‍ෂණය හඳුන්වාදීමටද රජය උදාවූ නව වසරේදී කටයුතු කරන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. පාරිභෝගිකයන් සහ ගොවීන් යන දෙපිරිසම පීඩාවට පත් කරන මිල අඩු වැඩිවීම් වළක්වා ගනිමින් වසර පුරා ප‍්‍රමාණවත් ආහාර සැපයුමක් පවත්වා ගැනීමට එයද ඉවහල් වනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක වැඩිදුරටත් පෙන්වා දුන්නා.

සහල් මිල නියාමනය කෙරෙහිද රජය ඉතා  ඕනෑකමින් කටයුතු කරන බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.