Saturday, May 18, 2024

General line - 0115112241

කෝවිල් උත්සවයේදී ගණදෙවි නාවන්න වැවට බැස්ස තරුණයෙකු දියේ ගිලීමෙන් මරුට




වවුනියාව ඊච්චන්කුලම ගණදෙවි කෝවිලේ ගණදෙවි පිළිරුව නෑවීමේ උත්සවයට සහභාගිවි ගණදෙවි කෝවිලේ ගණදෙවි පිළිරුව නැවීම‍ වෙනුවෙන් වැවට බැස්ස තරුණයෙකු දියේ ගිලීමෙන් අද (02) උදැසන ජිවිතක්ෂයට පත්ව ඇති බව වවුනියාව ඊච්චන්කුලම ප්‍රදේශවාසීන් පවසයි

එම ප්‍රදේ‍ශයේ පදිංචි 27 හැවිරිදි ආර්ග දුෂ්‍යන්තන් නමැති තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

ප්‍රදේශවාසීන් පැවසූවේ ඊච්චන්කුලම ගණදෙවි කෝවිලේ වාර්ෂික උත්සවයේදී ගණදෙවියන් දියේ ගිල්වා නැවීමේ වැඩසටහන පැවැත්වු අවස්ථාවේ ප්‍රදේ‍ශයේ තරුණයින්ද වැවට බැස දිය නා ඇති බවයි.

අදාළ අවස්ථාවේදී මියගිය තරුණයා දියේ ගිලී ජිවිතක්ෂයට පත්ව ඇති අතර අනතුරුව තරුණයාගේ මළ සිරුර වවුනියාව රෝහලට යොමුකළ බවද ප්‍රදේශවාසීන් පැවසූහ.

පොලිසිය පැවසූවේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයේදී පැවැත්වීමට නියමිත බවයි.