Saturday, May 18, 2024

General line - 0115112241

මීගමුව සහ අවට ප‍්‍රදේශ කිහිපයකට සදුදා ජල කප්පාදුවක්




මීගමුව මහ නගර සභා බල ප‍්‍රදේශයට සහ තවත් ප‍්‍රදේශ කිහිපයකට ලබන සදුදා උදෑසන 9 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටවෙනවා.

මීගමුව, බම්බුකුලිය ජල පිරිපහදු මධ්‍යස්ථානයෙන් අඛණ්ඩ ජල සැපයුමක් ලබාදීම සදහා සිදු කෙරෙන නවීකරණයක් මීට හේතුව බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ.

කොච්චිකඬේ, සීදූව, පිටිපන, දුන්ගල්පිටිය, බාසියාවත්ත සහ පමුණුගම ජල සැපයුම් අත්හිටුවෙන තවත් ප‍්‍රදේශ කිහිපයක්. කටාන බලප‍්‍රදේශයේ කොටසක, කටුනායක ආයෝජන ප‍්‍රවර්ධන කලාපයට, කටුනායක ගුවන් හමුදා කදවුරට හා කටුනායක ගුවන් තොටුපොල පරිශ‍්‍රයටද එදින ජල සැපයුම අත්හිටවෙනවා.

අපහසුතා මගහරවා ගැනීම සදහා ජලය කල් ඇතිව රැස්කර තබා ගන්නා ලෙසයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියේ.