Saturday, May 18, 2024

General line - 0115112241

අන්නොන්‍ය සහයෝගය තිබුණා කියලා තරඟ දිනන්න බැහැ - මාලිංග




ඉන්දියාව යනු පරාජය කිරීමට අපහසු කණ්ඩායමක් වුවද කෙසේ හෝ ඔවුන්  පරාජය කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පවසයි.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව සමග පැවැත්වෙන විස්සයි 20 තරඟාවලිය සඳහා අද ඉන්දියාව බලා පිටත් වූ අවස්ථාවෙයි.

මෙම තරඟාවලිය ජයග්‍රහණය කිරීමට පන්දු යවන්නන්, පිතිකරුවන් මෙන්ම පුහුණකරුවනුත් ඔවුන්ට හැකි උපරිමය යෙදවීමට බලාපොරාත්තුවෙන් සිටින බවත් මාලිංග සඳහන් කළේය.

එමෙන්ම ක්‍රිකට් යනු අන්නොන්‍ය සහයෝගය තිබූ පමණින් ජය ගත හැකි ක්‍රීඩාවක් නොවන බවත් තමාගේ වගකීම නිසිලෙස ඉටුකලහොත් පමණක් ජයග්‍රහණය කළ හැකි ක්‍රීඩාවක්  පමණක් බවත් මාලිංග වැඩිදුරටත් සඳහන් කළේය.