Saturday, May 18, 2024

General line - 0115112241

පෙබරවාරියේ පාර්ලිමේන්තුව විසුරුවීමේ එජාපයේ සූදානමක් ගැන විමල්ගෙන් ඉගියක්

හේරත් ඒකනායක - මහනුවර




ලබන පෙබරවාරි මාසයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එක්සත් ජාතික පක්ෂය උත්සහ දරන බව අමාත්‍ය විමල් වීරවංශ පවසනවා. ඒ, මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. 

මේ අතර ඕනෑම අවස්ථාවක මැතිවරණයක් සඳහා ආණ්ඩුව සූදානම් බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන අද ප්‍රකාශ කළා. 

රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපතිවරණයේදී ලද ජනවරමට අනුව ගැලපෙන පාර්ලිමේන්තුවක් පත් කර ගැනීම අත්‍යවශ්‍ය බවයි.