Saturday, May 18, 2024

General line - 0115112241

අනාගතයට ගැළපෙන ලෙස ආරක්ෂක අංශ ශක්තිමත් කරනවා - ශවේන්ද්‍ර සිල්වා




රටේ ආරක්ෂාව වෙනුවෙන් අනාගතයට සරිලන පරිදි ආරක්ෂක අංශ ශක්තිමත් කරන බව නව ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී, යුද හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ සිය තනතුරේ වැඩභාර ගැනීම වෙනුවෙන් මාණ්ඩලික ප‍්‍රධානී කාර්යාලයේ අද පැවැති උත්සවයේදීයි. 
 

සියලූ අංශ එක්කර ගනිමින් ඉදිරියේදී ද, රට වෙනුවෙන් උපරිම ආරක්ෂාව ලබාදෙන බවයි නව ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානීවරයා මෙහිදී කියා සිටියේ. 
 

යුද හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, මෙරට 07 වන ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානීවරයායි.