Saturday, May 18, 2024

General line - 0115112241

කුසල් මෙන්ඩිස් සංචිතයට එක් කළ තේරීම් කමිටුවෙන් ක්‍රීඩා ඇමතිටත් වංචාවක් - ඇමතිගෙන් තේරීම් කමිටුවට දැඩි අවවාද




ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලියට එක්කළ ශ්‍රී ලංකා සංචිතය දැඩි අන්දෝලනයට තුඩු දුන්නා. ඒ පසුගිය සමයේ දිගින් දිගටම අසාර්ථක වූ කුසල් මෙන්ඩිස්ට නැවත වරක් අවස්තාව හිමිවීම සමගයි. ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් සහ තේරීම් කමිටු සාමාජිකයන් කිහිපදෙනෙක් මුල්වී මෙම තීරණය ගෙන තිබුනා.

එවැනි පසුබිමක ඉන්දීය සංචාරයට එක් වන ශී‍්‍ර ලංකා විස්සයි විස්ස සංචිතය කල් තියා සිය අනුමැතිය ලබා ගැනීමට තමන් වෙත යොමු නොකිරීම සම්බන්ධයෙන් කී‍්‍රඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කි‍්‍රකට් තේරීම් කමිටුවට දැඩි දෝෂාරෝපණයක් එල්ල කර තිබෙනවා. 

කී‍්‍රඩා පනතට අනුව යම් සංචාරයක් සදහා තෝරා ගන්නා ලද කණ්ඩායමක් දිවයිනෙන් පිටත්ව යාමට දින 14කට පෙර කී‍්‍රඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සදහා යොමු කළ යුතු බවයි  ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා පැවසුවේ. 

කෙසේ වෙතත් මෙවර ඉන්දීය සංචාරයට එක්වන ශී‍්‍ර ලංකා විස්සයි විස්ස සංචිතය සිය අනුමැතිය ලබා ගැනීමට යොමුකර ඇත්තේ එම කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට දින 3කට පෙර බවයි කී‍්‍රඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියා සිටියේ. 

මින් ඉදිරියට කී‍්‍රඩා පනත උල්ලංගණය වන අයුරින් කටයුතු නොකරන ලෙස තමන් කි‍්‍රකට් තේරීම් කමිටුවට දැඩි ලෙස අවවාද කළ බවද ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා කියා සිටියා. එලෙස කඩිමුඩියේ යම් සංචිතයක් තමන් වෙත ඉදිරිපත් කළ පසු අදාළ කී‍්‍රඩකයන් තෝරාගත් ආකාරය සම්බන්ධයෙන්  හෝ සංචිතයේ වෙනසක් සිදු කිරීමටද කාලවේලාව නොමැති බවයි කී‍්‍රඩා අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ.  

මීට පෙර සිටි කී‍්‍රඩා අමාත්‍යවරුන්ටද අදාළ සංචිත නිසි වේලාවට කි‍්‍රකට් තේරීම් කමිටුව විසින් ලබාදී නොමැති බවද කී‍්‍රඩා අමාත්‍යවරයා සදහන් කළා. මෙය අවසන් අවස්ථාව ලෙසත් මෙවැන්නක් යළි සිදු නොවිමට වග බලා ගන්නා ලෙසත් කී‍්‍රඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මෙහිදී කි‍්‍රකට් තේරීම් කමිටුවට දැඩි ලෙස අවවාද කර තිබෙනවා.

පන්දුවාර විස්ස තරග 3කට සහභාගි වීම සදහා ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් ශී‍්‍ර ලංකා විස්සයි විස්ස කණ්ඩායම ඊයේ අලූයම ඉන්දියාව බලාපිටත්ව ගියා. දෙරට අතර පළමු පන්දුවාර විස්ස තරගය ලබන 5 වැනිදා ගුවාටි හිදි පැවැත්වෙනවා. දෙවන තරග ලබන 7 වනදා ඉන්දෝර් හිදිත් දෙවන විස්සයි විස්ස තරග පුනේ හිදීත් පැවැත්වීමට නියමිතයි. සියලූම තරග මෙරට වේලාවෙන් රාතී‍්‍ර 7ට ආරම්භ වනවා.