Saturday, May 18, 2024

General line - 0115112241

බස් රථවල ඝෝෂාකාරී සංගීතයේ අනිටු බලපෑම් විද්‍යාඥ ඇසින් පැහැදිලි කෙරේ




බස් රථවල ඝෝෂාකාරී ගීත වාදනය සහ එහි ඇති ශබ්ද විකාශන සම්බන්ධයෙන් මීට වසර 10 කට පෙර කළ සමීක්‍ෂණයකදීද සියයට 50 කට වැඩි මගීන් පිරිසක් ඊට දැඩි විරෝධයක් එල්ල කළ බව අනාවරණ වී තිබෙනවා. 

ජේ්‍යෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ චන්න කලංසූරිය එම සමීක්‍ෂණය සිදුකෙරුණු ආකාරය සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත මෙලෙස කරුණු දැක්වූවා.

බස් රථවල ඉදිරිපස ඝෝෂාකාරී ශබ්ද මට්ටම ඉතා ඉහළ අගයක් ගත් බවත් එම තත්ත්වය රිය අනතුරුවලට මෙන්ම මගීන්ගේ සෞඛ්‍ය තත්ත්වයටද බලපෑම් එල්ල කළ බව ජේ්‍යෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ චන්න කලංසූරිය ප්‍රකාශ කළා.

මේ අතර මගී ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර ඉකුත්දා ප‍්‍රකාශ කළේ ඝෝෂාකාරී ගීත ප‍්‍රචාරය කෙරෙන පෞද්ගලික බස්රථවලට එරෙහිව ලබන 15වනදා සිට නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බවයි. 

ඝෝෂාකාරී ගීත වාදනය වෙනුවට සුභාවිත ගීත දහසක් අඩංගු සංයුක්ත තැටියක් පෞද්ගලික බස්රථ සඳහා බෙදහැරීමට එම අමාත්‍යාංශය ඉකුත්දා පියවර ගත්තා.