Saturday, May 18, 2024

General line - 0115112241

ජනාධිපතිගේ රාජාසන කථාව




8 වන පාර්ලිමේන්තුවේ සිව්වන සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම අද පෙරවරු 10 ට සිදු කෙරුණා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

නව සභා වාරය අරඹමින් ජනාධිපතිවරයා සිදුකළ රාජාසන කතාව පහතින් දැක්වේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස මා හට ඔබතුමාට අමතන්න ලබන්නේ පසුගිය නොවැම්බර් මාසයේදී මේ රටේ බහුතර ජනතාව මා වෙනුවෙන් දැක්වූ විශ්වාසය නිසයි.

මෙහි අසුන්ගෙන සිටින ඔබ කුමන පක්ෂයකට අයත් වුවත් අපි සැම දෙනාගේ වගකීම රටේ ජනතාවගේ සුභ සිද්ධියයි. මා වසර 20 ක් යුධ හමුදාවේ සේවයේ යෙදී සිටියා. මා ක්‍රියාකාරී දේශපාලනයේ යෙදී නැහැ. 

මා කුරහන් පැහැ ඇති සාටකය පැළදුවේ නැති උනත් මා නියෝජනය කරන්නේ ඒ පිඩිත ජනතාවයි. මා මේ මොහොතේදී සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේ සභාගත කරනවා. මහජනතාවට පොරොන්දු වූ ආකාරයෙන්ම ඔවුන්ගේ සෞභාග්‍ය උදෙසා මා සහ මාගේ රජය කැපවෙනවා. 

ඒ වගේම රජුන් තනන භූමිකාවට ජනතාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. ජාතින් අතර භේද වපුරනවා වෙනුවට ජනතාව එකතු කරගෙන ඉදිරියට යන්න අපි සියලු දෙනා කැපවෙන්න ඕන.

මගේ පාලන සමයේදී රටේ ආරක්ෂාව වෙනුවෙන් හා බුද්ධාගම ආරක්ෂා කරන්න කැපවෙනවා. ඒ වගේම රටේ ඕනෑම පුරවැසියෙකුට තමන් කැමති ආගමක් අදහන්න හැකි.

මා කුඩා කාලයේදී මාගේ පියා පාර්ලිමේන්තුව නියෝජනය කරන විට මෙහි ගැලරියට වී බලා සිට තිබෙනවා. එදා පාර්ලිමේන්තුවේ පැවති හරවත් කතාවන් අද නැහැ. නැවත මේ පාර්ලිමේන්තුව මහජනතාවගේ ගැටළු ගැන කතා කරන තැනක් බවට පත් කරන්න අප කටයුතු කළ යුතුයි. පාර්ලිමේන්තුව ජනතාවගේ ගෞරවය දිනා ගත් ස්ථානයක් බවට පත් කිරීමේ වගකීම මෙහි සිටින මන්ත්‍රිවරුන්ගේ වගකීමයි.

අද මේ රටේ සමාජ දේශපාලන අර්බුධයක් තියෙනවා. නිදහසින් පසුව අපේ රටේ සංවර්ධනය ගැන සෑහීමට පත්වෙන්න බැහැ. මේ තත්ත්වය වෙනස් කරන්න අපි සියලු දෙනාට වගකීමක් තියෙනවා. ඒ වෙනුවෙන් කැපවීමට අප සුදානම් වන්න ඕන. මහජන නියෝජිතයෙක් ගේ මුලික වගකීම මහජන සේවයයි. අපිට ලැබී තිබෙන තනතුරු වරප්‍රසාධ නොවන බව අප තේරුම් ගත යුතුයි.

රටක් සංවර්ධනය කරන්න නිවැරදි දැක්මක් තිබිය යුතුයි. ජනාධිපතිවරනයේදී ජනතාවට හදුන්වාදුන් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාව පසුගිය වසර 04ක කාලය තුලදී වියත්මග වැඩසටහන් තුලින් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කළ "ගම සමග පිළිසඳරක්" සහ අනෙක් දේශපාලන පක්ෂ සමග සිදුකළ සාකච්ජා වලදී හෙළිකර ගත් කරුණු, ජනතා අදහස් සහ මාගේ දැක්මද ඊට එක් කරමින් සකස් කළ ජාතික වැඩපිළිවලක්.

එහිදී ජනතාව මත පටවා තිබුණු අධික බදු බර ලිහිල් කිරීම, විනිවිදභාවයෙන් සහ කාර්යක්ෂම පාලනය හා අනවශ්‍ය රාජ්‍ය වියදම් කපා හැරීම වැනි කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබෙනවා.

අපේ ප්‍රතිපත්ති වලට අනුව ජාතික ආරක්ෂාවට ප්‍රමුඛස්ථානයක් ලබාදී තිබෙනවා. ඒ අනුව දක්ෂ නිලධාරීන්ට සුදුසු ස්ථාන ලබාදී තිබෙනවා. ඒ සඳහා බුද්ධි අංශ ශක්තිමත් කර තිබෙනවා. ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය අතර මනා සම්බන්ධයක් ඇති කර තිබෙනවා. පාතාල ක්‍රියාකාරීන්, මත්ද්‍රව්‍ය උවදුර, ස්ත්‍රී දුෂකයින් ගෙන් තොර රටක් බවට මෙය පත් කර යුතුයි.

අපේ මුලික අරමුණ එලදායි පුරවැසියෙක්, සතුටින් ජිවත් වන පවුලක්, විනයගරුක රටක් සහ සෞභාග්‍යමත් දේශයක් ඇතිකරලීමයි. මේ රටේ ජිවත් වෙන වැඩකළ හැකි වයසේ සිටින සෑම නිරෝගී පුරවැසියෙකුම සමාජයට වැඩදායි එලදායි පුරවැසියෙක් කිරීමට රජය මුලිකත්වය ගත යුතුයි. අපට අවශ්‍ය ඔවුන් සියලු දෙනාගේම දායකත්වය මේ රටේ ආර්ථිකයට ලබා ගැනීමයි.

සංවර්ධන ක්‍රියාවල ප්‍රතිලාභ මේ රටේ සියලු ජනකොටස් වෙත ලැබිය යුතුයි. එමෙන්ම රටේ ජනතාවගෙන් අභිලාෂ ඉටුවෙනවාද ඔවුන් සතුටින් සිටිනවාද යන්න සොයා බැලීම සඳහා තාක්ෂණය මෙන්ම නවීන දර්ශක යොදා ගත යුතුයි. ආණ්ඩුවේ වැඩපිලිවල ගැන ජනතා මතය දැන ගැනීමට ජන්දයක් එනතුරු බලා සිටිය යුතු නැහැ.

ජනතාවගේ ජිවන බර අඩු කිරීමට අප ගන්නා උත්සාහයට සියලු දෙනාගේ සහය අවශ්‍යයි. පසුගිය කාලයේදී ව්‍යාපාරික කේෂ්ත්‍රයට අප ලබාදුන් බදු සහන වලින් යම් ප්‍රතිශතයක් ඔවුන් විසින් ජනතාවට ලැබිය යුතුයි. ඒ භාණ්ඩ වල මිල ගණන් අඩුවිය යුතු බව රජයක් වශයෙන් අප බලාපොරොත්තු වෙනවා.

දුප්පත්කම තුරන් කිරීමේ අප රජයේ ප්‍රමුඛ වැඩපිළිවලක් වනවා. ඒ සඳහා අප දුප්පත්වීමට හේතු වටහා ගෙන ඊට විසදුම් ලබා දිය යුතුයි. නිසි අධ්‍යාපනයක් හා නිපුණත්වයක් නැති කම, වගා කිරීමට ඉඩමක් නැතිකම, ස්වයං රැකියාවක් ආරම්භ කිරීමට ප්‍රාග්ධනයක් නැතිකම වැනි ගැටළු වලට විසදුම් ලබා දීමෙන් දුප්පත්කම තුරන් කිරීමට ප්‍රයෝගික ප්‍රවේශයක් ලබාගත හැකි. ඉරිදී මාසයක කාලය ඇතුලත අඩු ආදායම් ලබන පවුල්වල තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා ලබාදීමේ වැඩපිළිවලක් ආරම්භ කරලා තියෙනවා. ඒ සඳහා රජයේ මෙන්ම පෞද්ගලික අංශයත් එක් කරගෙන රැකියා වියුක්තියට ප්‍රායෝගික වැඩපිළිවලක් දියත් කිරීමට මාගේ රජය සුදානම්.

ගුණගරුක සමාජයක් ගොඩනගමු යන්න පසුගිය මැතිවරණයේදී අපේ තේමාවක් උනා. ජනතාව ඒ සඳහා අපට වරමක් ලබාදුන්නා. අපි ඉතා පැරණි ඉතිහාසයක් ඇති බෞද්ධ දර්ශණයක් සහ ලොව පිළිගත් ප්‍රධාන ආගම් කිහිපයක ගෙන් සැදුම්ලත් රටක් වනවා. අපේ සාරධර්මයන් සහ සංස්කෘතිය ආරක්ෂා කර ගත යුතුයි. අපේ ඉලක්කය රට සංවර්ධනය රටක් කරවීමයි. සෞභාග්‍යයේ දැක්ම තුලින් අප බලාපොරොත්තු වන්නේ ජනතා කේන්ද්‍රීය ආර්ථික ක්‍රමයක්.

සෑම පුරවැසියෙකුටම පිළිගතහැකි මට්ටමේ ආර්ථික ස්ථාවරත්වයක් සහතික කිරීම, දියුණු වීමට උත්සාහ ගන්නා සෑම අයෙකුටම සම අවස්ථා ලබාදීම, ජනතා සේවය වෙනුවෙන් කැපවූ පිරිසිදු, කාර්යක්ෂම රාජ්‍ය සේවයක් තහවුරු කිරීම හා දේශීය ව්‍යවසායකයන් ආරක්ෂා කොට ඔවුන් සවිබල ගැන්වීම එහි ප්‍රධාන අරමුණුයි.

ජනතාකේන්ද්‍රීයආර්ථිකයක්සාර්ථකවස්ථාපිතකිරීමටනම්රජයේඉහළමනිලධාරියා සිටපහළමනිලධාරියාදක්වාරටසංවර්ධනයපිළිබඳවඅපේදැක්මහාඅරමුණුගැන දැනුවත් විය යුතුයි. එවිට ඔවුන්ගේ රාජකාරී වඩාත් ඵලදායී ලෙස ඉටුකරන්නට පුළුවන්.

දූෂණය හා වංචාව පිටු දැකීමට විශේෂ වැඩපිළිවෙලකුත් අපට ක්‍රියාත්මක කරන්නට සිදුවෙනවා. දූෂණ ක්‍රියාවල යෙදෙන්නන්ට එරෙහිව තරාතිරම නොතකා අප නීතිය කඩිනමින් ක්‍රියාත්මක කරනවා.

අදබොහෝරටවල්රාජ්‍යඅංශයේකාර්යක්ෂමතාවයඉහළදැමීමටතාක්ෂණයවිසඳුමක් ලෙස යොදාගෙන තිබෙනවා. ඒ හරහා සැමට සමාන අවස්ථා ලබා දෙන්නටත් පුළුවන්. ඒ නිසා රාජ්‍ය ආයතන තුළ තාක්ෂණය භාවිතය ප්‍රචලිත කිරීමට විශේෂ අවධානයක් යොමු කරනවා.
අපඅනාගතයසැලසුම්කළයුත්තේඅපේරටේභූගෝලීයපිහිටීම,භෞතිකසම්පත්හා මානව සම්පත පාදකකරගෙනයි.

මීට වසර දහස් ගණනකට පෙර ලංකාව ග්‍රීක, රෝම, අරාබි, චීන ඇතුළු විවිධ ජාතික වෙළෙන්දන්පැමිණෙනජාත්‍යන්තරවෙළෙඳමධ්‍යස්ථානයක්වතිබුණා.ලංකාවඑසේ ලොව සුපතල වන්නට ප්‍රධාන හේතුව වූයේ පෙර අපරදිග යා කරන මුහුදු මාර්ගයේ ඉතාසුවිශේෂීතැනකඅපේරටපිහිටාතිබීමයි.අදත්අපටඒවාසියඒආකාරයෙන්ම
ලබාගත හැකියි.

2005-2014කාලයේමහින්දරාජපක්ෂජනාධිපතිතුමාගේරජය,ලංකාවදකුණුආසියාවේ ආර්ථික කේන්ද්‍රස්ථානය ලෙස දියුණු කරන්නට සැලසුම්කළා.

මත්තලගුවන්තොටුපලහාහම්බන්තොටවරායතෝරාගනුලැබුවේදකුණේවිශාල කාර්මික නගරයක් ගොඩනැගීමේ අරමුණ ඇතිවයි.

කොළඹවරායනගරයගොඩනගන්නටතීරණයකලේලංකාවආසියාවතුළමුල්‍යහා වාණිජකේන්ද්‍රස්ථානයක්බවටපත්කිරීමසඳහායි.දීර්ඝකාලීනඅරමුණුඇතුවසැලසුම් කළ ඒ ව්‍යාපෘති අපි ඉදිරියට ගෙන යායුතුයි.

අපනිවැරදිසැලැස්මකටඅනුවකටයුතුකළහොත්,කලාපීයඅසල්වැසිරටවලටභාණ්ඩ හා සේවා සපයන විවිධ ජාත්‍යන්තර ව්‍යාපාර ලංකාවේ ස්ථානගත කරවා ගන්නට පුළුවන්.  ඒ සඳහා ආයෝජකයන් දිරිගැන්වීම සඳහාත්, එම ආයෝජකයන්ටලංකාව
තුළඅවශ්‍ය පහසුකම් සියල්ල කඩිනමින් සැපයීම සඳහාත් අප සූදානම්ව සිටිය යුතුයි.

අධිවේගීමාර්ගපද්ධතියමෙන්මමහාමාර්ගපද්ධතියදියුණුකිරීමේවැඩකටයුතුවේගවත් කොටරටේඕනැමතැනකසිටතවත්තැනකටපැයකිහිපයක්ඇතුලතගමන්කළහැකි වාතාවරණයක්ඇතිකිරීමආර්ථිකසංවර්ධනයටඉතාවැදගත්වෙනවා.දුම්රියසේවාව වැඩිදියුණු කිරීමත් මේ වැඩපිළිවෙලේ අවශ්‍යතම අංගයක්. කාර්යක්ෂම හා සුවපහසු දුම්රිය සේවාවක් මගින් අද බරපතල ගැටළුවක්ව පවතින මාර්ග තදබදයටත් විසඳුම් සොයන්නටපුළුවන්.

නාගරීකරණය රටකට යහපත් මෙන්ම අයහපත් ප්‍රතිඵල ගෙන දෙනවා. සංවර්ධනය රටේ සෑම ප්‍රදේශයකටම බෙදීයාම සහතික කිරීම සඳහා අපට ප්‍රතිනාගරීකරණ වැඩපිළවෙලක් අවශ්‍ය වෙනවා. නාගරික තදබදය අඩු කිරීමට, පරිසර දූෂණය අඩු කිරීමටමෙන්මජීවනවියදමඅඩුකිරීමටමේහරහාඅපටපහසුවෙනවා.ලංකාවපුරා විසිරී සිටින ජනතාවට තම අධ්‍යාපන කටයුතු, සෞඛ්‍ය සේවා හා රැකියා සඳහා තම ප්‍රදේශය තුළම අවශ්‍ය පහසුකම් තිබිය යුතුයි.   මාර්ග හා දුම්රිය මාර්ග  පද්ධතියේ
 
දියුණුව මෙන්ම රට පුරා අධිවේගී අන්තර්ජාල පහසුකම් හා සන්නිවේදන  පහසුකම්
ලබාදීමත් මේ සඳහා වැදගත් වෙනවා.

ආර්ථිකසංවර්ධනක්‍රියාවලියේදීවිදුලිමිලවැදගත්සාධකයක්.විශේෂයෙන්මකාර්මික ක්ෂේත්‍ර සඳහා ආයෝජකයන් ගෙන්වා ගැනීමේදී මෙය බලපානවා. සාධාරණ මිලකට බලශක්තිය නිෂ්පාදනය කිරීම සඳහා අපට කෙටිකාලීන මෙන්ම දීර්ඝකාලීන විසඳුම් අවශ්‍යයි. දීර්ඝකාලීන විසඳුම් සෙවීමේදී සූර්ය බලය, සුලං බලය, ජල විදුලිය වැනි පරිසරහිතකාමීපුනර්ජනනීයබලශක්තිප්‍රභවයන්ගැනවිශේෂඅවධානයයොමුකිරීම අපේ ප්‍රතිපත්තියවෙනවා.

අපේ රට මැණික් හා ඛනිජ සම්පත්වලින් පොහොසත් රටක් වූවාට අගය වැඩිකිරීමේ කර්මාන්තතවමත්ජාත්‍යන්තරමට්ටමටදියුණුවීනැහැ.අගයවැඩිකිරීමෙන්තොරව මේස්වාභාවිකසම්පත්අපනයනයකිරීමෙන්රටටලබාගතහැකිවිශාලවිදේශවිනිමයක් වාර්ෂිකව අහිමි වෙනවා. ලංකාවේ පමණක් නොව අප්‍රිකානු කලාපීය රටවලින් පවා ගෙනෙනා මැණික් අගය වැඩිකොට අලෙවි කළ හැකි ජාත්‍යන්තර මට්ටමේ මැණික් වෙළෙඳ සංකීර්ණයක් ලංකාවේ පිහිටුවීමට අපි කටයුතු කළ යුතුයි.

සාගර හා භූ විද්‍යා සමීක්ෂණ සඳහා නවීන තාක්ෂණ පහසුකම් ලබා දිය යුතු   අතර
ලංකාවේඛනිජසම්පත්වලටඅගයඑකතුකිරීමේකර්මාන්තසඳහාවූආයෝජනවලට විශේෂ සහන සලසා ඒවා දිරිමත් කළයුතුයි.

විවිධනීතිරීති,බලපත්‍ර,තහංචිමගින්ශ්‍රීලංකාවේසාම්ප්‍රදායිකජීවනෝපායන්වූමැණික් කර්මාන්තය,උළුකර්මාන්තය,ගඩොල්කර්මාන්තය,වඩුකර්මාන්තය,හස්තකර්මාන්ත වැනි ක්ෂේත්‍ර සඳහා අනවශ්‍ය හා අසාධාරණ සීමාවන් පනවමින් රටේ සංවර්ධනයට බාධා කිරීමට අපි ඉඩ දෙන්නේනැහැ.

අනාගතයසැලසුම්කරනවිටකෘෂිකර්මාන්තය,වැවිලිකර්මාන්තයහාධීවරකර්මාන්තය සම්බන්ධයෙන් දැනට තිබෙනවාට වඩා විශේෂ අවධානයක් යොමු විය යුතුයි. හොඳ දේශගුණයක්තිබෙනවිශාලමුහුදුආර්ථිකකලාපයකටහිමිකම්තිබෙනරටක්වශයෙන් අපට මේ කර්මාන්ත මීට වඩා බොහෝ දියුණු කරන්නටපුළුවන්.

කුළුබඩු, පළතුරු, එළවළු, ධාන්‍ය, මස් සහ මාළු වැනි අපනයනය කළ හැකි කෘෂි නිෂ්පාදන රැසක් තිබියදී, මෙයට වඩා අපනයන ආදායමක් අප ලබා ගතයුතුයි.
රටේජනතාවගෙන්1/3ක්ජීවත්වන්නේකෘෂිකර්මාන්තයහාවැවිලිකර්මාන්තයහා ධීවර කර්මාන්තය මතයි.  අපි මේ ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවියයුතුයි.

මෙමකර්මාන්තදියුණුකිරීමසඳහාසාම්ප්‍රදායිකවගාක්‍රමවලින්ඔබ්බටගියතාක්ෂණය මුල් කරගත් නව ප්‍රවේශයක් අවශ්‍යවතිබෙනවා.
 
එමෙන්ම වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය අරමුණු කොට කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීමත්, අපේ ප්‍රතිපත්තියේ කොටසක්. ඉදිරිදශකයතුළශ්‍රීලංකාවේකෘෂිකර්මාන්තයමුළුමනින්මකාබනිකපොහොරභාවිතයට යොමු කිරීම සඳහා අවශ්‍ය කරන සැලසුම් අපි සකස් කළ යුතුයි. දේශීයව කාබනික පොහොර නිෂ්පාදනය වර්ධනය කිරීමේ වැඩපිළිවෙලකුත් මෙයට අයත්වෙනවා.

කෘෂි නිෂ්පාදන සීමාවකින් තොරව ප්‍රතිඅපනයනයට ඉඩදී තිබීම නිසා සුළු අපනයන භෝග වගාකරුවන්ට ඇති වී තිබුණු ගැටලු විසඳන්නට අපි නව රජය පත්වූ වහාම ක්‍රියාකළා.කෘෂිනිෂ්පාදනප්‍රතිඅපනයනයසම්පූර්ණයෙන්මනතරකිරීමටමේවනවිට නියෝග දීතිබෙනවා.

සාගර ආර්ථිකය සම්බන්ධයෙනුත් මීට වඩා අවධානයක් යොමු විය යුතුයි. ධීවර කර්මාන්තය දියුණු කිරීම සඳහා අවශ්‍ය කරන නව තාක්ෂණය හා   යන්ත්‍රෝපකරණ
ලබාදීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් අපි හඳුන්වා දෙනවා. ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදෙන බහුදින යාත්‍රාවලට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා සියලුම ධීවර වරායන් නවීකරණය කරන අතර, අවශ්‍යතාවයන්ට අනුව අලුතින් වරායවල් ඉදිකිරීමටත් කටයුතු කරනවා.

මිරිදිය මත්ස්‍ය කර්මාන්තය දියුණු කිරීම සඳහා නව තාක්ෂණය හඳුන්වාදීමත් අපේ සැලැස්මේ කොටසක්. අනාගත පරපුර වෙනුවෙන් පරිසරය සුරැකීම අපේ මූලික වගකීමක්.රාජ්‍යප්‍රතිපත්තිසකස්කිරීමේදීහාක්‍රියාත්මකකිරීමේදීපරිසරආරක්ෂණය
ගැන අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙනවා.

එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු ඉටුකිරීමේ දී ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක් බවට ලංකාව පත්කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

රටක් වශයෙන් අපට ඇති වටිනාම සම්පත අපේ අනාගත පරපුරයි. ඒ නිසා මානව සම්පත් සංවර්ධනය, අපේ රජයේ මූලික වගකීමක් ලෙස අපි හඳුනාගෙන තිබෙනවා.

රටේඅනාගතපරපුරඵලදායීපුරවැසියන්කරන්නටඅවශ්‍යදැනුමින්ඔවුන්පෝෂණය කරන්නට, ඔවුන්ගේ කුසලතා හා නිපුණතා වර්ධනයට විශේෂ අවධානයක් යොමු කරන්නට අපට සිදුවෙනවා. තරුණ තරුණියන්ට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ අතරමං වීමටඉඩනොදීඔවුන්ටඋසස්අධ්‍යාපනයටහාතාක්ෂණිකඅධ්‍යාපනයටඇතිඅවස්ථා පුළුල්කළයුතුයි.මේසඳහාඅවශ්‍යකරනයටිතලපහසුකම්ඉතාකෙටිකාලයක්තුළගොඩනැගියයුතුයි.රජයේවිශ්වවිද්‍යාලවලහාරජයේවිවිධඋසස්අධ්‍යාපනආයතනවල ඇතිධාරිතාවන්කාර්යක්ෂමවප්‍රයෝජනයටගැනීමතුළින්,විශ්වවිද්‍යාලවලටඇතුලත් කර ගන්නා ශිෂ්‍යයන් සංඛ්‍යාව වැඩි කළයුතුයි.
අදවිශ්වවිද්‍යාලවලඋගන්වනසමහරපාඨමාලාරැකියාවෙළෙඳපොලටගැලපෙන්නේ නැහැ.වර්තමානරැකියාවෙළෙඳපොලඅවශ්‍යතාවන්සඳහාඅපේවිශ්වවිද්‍යාලශිෂ්‍යයන් පුහුණු කිරීම සඳහා දැනට හදාරන පාඨමාලාවලට අමතරව ඔවුන්ට ස්වේච්ඡාවෙන් සහභාගි විය හැකි කෙටිකාලීන අමතර පාඨමාලා හඳුන්වාදීමට අපි බලාපොරොත්තු වෙනවා. සිසුන් ඇතුලත් කිරීමේදී මෙන්ම වෙළෙඳපොල අවශ්‍යතා ඉලක්ක කරගෙන පාඨමාලා ප්‍රතිසංස්කරණය කිරීමේදී විශ්වවිද්‍යාල හා අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවලට වැඩි නිදහසක් ලබා දියයුතුයි.

රටේදැනටතිබෙනඩිප්ලෝමාමට්ටමේපාඨමාලාහදාරනආයතනක්‍රමයෙන්උපාධි පිරිනමන මට්ටමට උසස් කිරීම අවශ්‍යයි. මේ සඳහා ආරම්භයක් ලෙස අපේ ගුරු පුහුණුපාසල්හාහෙදිපුහුණුපාසල්උපාධිමට්ටමටගෙනඑන්නටඅපිබලාපොරොත්තු වෙනවා.පුහුණු උපාධිධාරී ගුරු හිඟය දැනටමත් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ගැටලුවක්. ඒවගේමහෙදියන්සඳහාදැනටලබාදෙනවසර3කඩිප්ලෝමාවවසර4කඋපාධියක් දක්වා උසස් කිරීමෙන් ද, ඔවුන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීමට ක්‍රියා කිරීමෙන් ද, ඔවුන්ට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව විදේශ රටවල්වල පවා සේවය කිරීමටත් ඉඩ සැලසෙනවා.

උසස් පෙළ අසමත්වන සහ සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනගත් ශිෂ්‍යයන්ටතාක්ෂණික සහ කාර්මික අංශයේ දැනුම වැඩි කිරීම සඳහා, කාර්මික සහ තාක්ෂණික විද්‍යාල පද්ධතිය ශක්තිමත්කළ යුතුයි. එම ආයතන සඳහා ලබාදෙන ප්‍රතිපාදන හා පහසුකම් වැඩි කළ යුතුයි. මේ හරහා ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය පුහුණුවක්ලද ශ්‍රම බලකායක් ඇති කළ හැකි අතර, දේශීය මෙන්ම විදේශීය රැකියා වෙළෙඳ පොල තුළ ඉහළ වේතනයක් ලබා ගතහැකි රැකියා අවස්ථා අපේ තරුණ තරුණියන්ට ලබා දිය හැකියි.

රැකියාක්ෂේත්‍රයතුළඉංග්‍රීසිදැනුමමදිකමබොහෝතරුණතරුණියන්ටඅවස්ථාවන් අහිමි කරවනවා. මේ නිසා ලංකාවේ සෑම පාසලකම ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ පහසුකම් දියුණු කිරීමටත් ඒ සඳහා අවශ්‍ය ගුරුවරුන් අනුයුක්ත කිරීමටත් විශේෂ ක්‍රමවේදයක් අපි හඳුන්වා දෙනවා.

අලුත් රැකියා අවස්ථා තරුණ තරුණියන් සඳහා සොයා දීමට අපේ විදේශ තානාපති අංශවලට විශේෂ වගකීම්පවරන්නට අපි බලාපොරොත්තුවෙනවා. නුපුහුණු සේවකයන් විශාල වශයෙන්පිටරටයවනවා වෙනුවට සෑමක්ෂේත්‍රයකම පුහුණු සේවකයන්පිටරට යැවීමෙන්අපේ රටට ලැබෙන විදේශ විනිමය වැඩිකර ගන්නවා මෙන්ම ජාත්‍යන්තර රැකියා වෙළෙඳපොල තුළ අපේ රටේ ප්‍රතිරූපයත් වර්ධනය කර ගත හැකියි.

අධ්‍යාපන ක්ෂේත්‍රය රටකට හොඳ විදේශ විනිමය උපයා ගත හැකි මාර්ගයක්. ශ්‍රී ලාංකික දරුවන්ද විශාල ප්‍රමාණයක් අද ආසියාතික උසස් අධ්‍යාපනිකආයතනවල ඉගෙනුම ලබනවා. අධ්‍යාපනය සඳහා අපේ දරුවන් විශාල වියදමක් දරා පිටරට යවනවා වෙනුවට විදේශීය ශිෂ්‍යයනුත්ලංකාවට ආකර්ෂණය කර ගැනීමේ වැඩපිළිවෙලක් අපි සකස් කළ යුතුයි. සියලුම විශ්වවිද්‍යාල ජාත්‍යන්තර වශයෙන් තම ශ්‍රේණිගත කිරීම් වලින් ඉහලට පැමිණීම සඳහා කෙටිකාලීන හා දීර්ඝකාලීන සැලසුම් සකස්කළ යුතුයි.

 නිදහසින් වසර 70 කට පසුවත්අපව හඳුන්වනු ලබන්නේ දියුණු වෙමින්පවතින රටක් ලෙසයි. අපට මේ තත්ත්වයෙන් මිදී සැබවින්ම දියුණු රටක් වීමට නම් අපි ඒ සඳහා ඇති අවස්ථා හඳුනා ගතයුතුයි.

බිලියන 5කට වැඩි ජනතාවක් වාසයකරන්නේ ආසියාව තුළ අද විශාල ආර්ථික පිබිදීමක් ඇතිවී ලෝක ආර්ථිකයේ බල කේන්ද්‍රය ආසියාව දෙසට නැඹුරු වෙමින් පවතිනවා.

මුදල් වැය කිරීමේ හැකියාව ඇති මධ්‍යම පන්තියේ ප්‍රජාව සිඝ්‍රයෙන් වර්ධනය වන්නේ මේ කලාපය තුලයි. ඒ නිසා අපේ දේශීය ව්‍යවසායකයන් ආසියානු කලාපය තුළ නව වෙළෙඳපොලවල් සොයා යාමට දිරිගන්වනවා. 21 වන සියවස හඳුන්වනු ලබන්නේ දැනුම කේන්ද්‍රික ශතවර්ෂයක් ලෙසයි.

කෘතිම බුද්ධිය (Artificial Intelligence), ජෛව තාක්ෂණය(Biotechnology), රොබෝ විද්‍යාව(^Robotics), 3D මුද්‍රණය,IOT උපාංග(Internet of Things), වැනි අති නවීන තාක්ෂණයන් ලෝකය වෙනස් කරමින් තිබෙනවා.

ලෝකයේ දියුණුවන රටවල් රැසක් මේ යථාර්ථය වටහාගෙන තිබෙනවා. තාක්ෂණික කේන්ද්‍රීය ආයෝජන සඳහා ඔවුන් විශාල මුදලක් වැය කරනවා.

අපේ ආයෝජන ප්‍රතිපත්තිය කළමනාකරණයේදීත් අපි මේ ගැන අවධානය යොමු කළයුතුයි. රටේ අනාගත සංවර්ධනය සඳහා අපට අවශ්‍ය කුමන ආකාරයේ ආයෝජනදයන්න අපි වටහා ගත යුතුයි. ඒ අනුව රටට නව තාක්ෂණයන් හඳුන්වාදෙන ආයෝජකයන්ට විශේෂ පහසුකම් හා සහන ලබාදී ඔවුන්ව දිරිමත් කරන්නට අපි කටයුතු කරනවා.

අපේ තරුණ පරපුර නව තාක්ෂණයන් හැදෑරීමට හා ඒවාට අදාළ පර්යේෂණ කිරීමට යොමු කරවීමත් ඉතාමත්ම වැදගත්. ඒ සඳහා ප්‍රමාද නොවී කඩිනමින් සුදානම් වීමට අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සහාය දිය යුතුයි. ඒ වගේම තරුණ පරපුර තුළ ඉංග්‍රීසි අධ්‍යාපනය හා තොරතුරු තාක්ෂණය භාවිතය ප්‍රවර්ධනය කිරීමට අප පියවර ගත යුතුයි.

අපට වෙළෙඳපොල අවස්ථා තිබෙන්නේ තාක්ෂණික ක්ෂේත්‍රවල පමණක් නොවන බවත්මෙහිදී වටහාගතයුතුයි. අනාගතයේ අපට පහසුවෙන්ම දියුණුකළ හැකිතවත් ක්ෂේත්‍රයක් වන්නේ සංචාරක කර්මාන්තයයි. 2018 වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 4.4 ක පමණ ආදායමක් ඉපැයූ සංචාරක කර්මාන්තයට තව වසර කිහිපයක් තුළ ඇමරිකානු ඩොලර් බිලියන 10 ක පමණ ආදායමක් ගෙනෙනා කර්මාන්තයක් බවට පත් වන්නට අවකාශය තිබෙනවා.  ඒ සඳහා ඉතා ක්‍රමවත් වැඩපිළිවෙලක් අපි හඳුන්වා දෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදයේඋපරිමප්‍රයෝජනලබාගැනීමටනම්රාජ්‍යපරිපාලනයත්නිසියාකාරව ක්‍රියාත්මක විය යුතුයි.

රාජ්‍ය ආයතන ලාභදායි හා කාර්යක්ෂම ලෙස පාලනය කිරීම සඳහා ඉහළ තනතුරුවලට සුදුස්සන් තෝරා ගැනීමේ අදාළ කේෂ්ත්‍රය පිළිබදව දැනුමක් හා වගකීමක් දැරීම සඳහා සුදුසුකම් ඇති අය පත් කරන බවට අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළා. මේ අනුව නව රජය පිහිටවූ පසු රාජ්‍ය ආයතනවල පාලනය සඳහා සුදුසු නිර්දේශ කිරීමට අප කමිටුවක් පිහිටුවා තිබෙනවා.

2004 - 2014 කාලය තුළ අපි ලංකාවේ ආර්ථිකයේ වේගවත් සංවර්ධනයක් සිදුවන ආකාරය දුටුවා. මාර්ග පද්ධතිය, නිවාස, විදුලිය, ජලය, සන්නිවේදන පහසුකම් වැනි යටිතල පහසුකම්වලත් කසළ කළමනාකරණය, නගර අලංකරණය වැනි ක්ෂේත්‍රවලත් විශාලදියුණුවක්සිදුවුණා.දක්ෂ පරිපාලනයක්ස්ථාපිතකිරීම මගින්අපට මේ තත්ත්වය යළිත් උදාකරගන්නටපුළුවන්.

ගරු කථානායකතුමනි,

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක සාර්ථකත්වය රඳා පවතින පදනම වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. 1978 සිට 19 වතාවක්සංශෝධනය වී ඇති අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඇති අවිනිශ්චිතභාව යහා ව්‍යාකුලත්වය නිසා වර්තමානයේ ගැටලු රැසක්නිර්මාණය වී තිබෙනවා.

අපේ රටේ සුරක්ෂිතතාවය, ස්වෛරීභාවය, ස්ථාවරභාවය හා ඒකීයභාවය ආරක්ෂා කරගැනීමට නම් දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් වෙනස්කම් සිදුවිය යුතුමයි.

සමානුපාතික ඡන්ද ක්‍රමය තුළඇති සාධනීය ලක්ෂණ රැකගන්නා අතරම පාර්ලිමේන්තුවේ ස්ථාවරභාවයද, ජනතාවගේ ඍජු නියෝජනයද තහවුරු කිරීම සඳහා වර්තමාන මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් අවශ්‍යවෙනවා. ඉලක්කම් වලින් මැතිවරණ ජයග්‍රහණය වාර්තා කළ හැකි වුවද, පැහැදිලි තීන්දු තීරණ ගත නොහැකි අන්තවාදයේ බලපෑමට නිරන්තරයෙන් යටපත්වන අස්ථාවර පාර්ලිමේන්තුවක් රටට සුදුසු නැහැ. 

ජනතාපරමාධිපත්‍යයතහවුරුවනප්‍රබලවිධායකයක්,ව්‍යවස්ථාදායකයක්සහස්වාධීන අධිකරණයක් ස්ථාපිත කිරීම ව්‍යවස්ථා වෙනසක් තුළින්ම විසඳා ගතයුතුයි.

අපේ රටේ සුවිශේෂී පිහිටීම නිසා ලෝක භූ දේශපාලනය තුල විශේෂ අවධානයක්මේ වනවිට ලංකාව දෙසට යොමු වීතිබෙනවා. අප මධ්‍යස්ත විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. අප සෑම රටක් සමගම මිතුරුදම් පවත්වා ගැනීමට උත්සාහ කළ යුතුයි. නමුත් කිසිම විටක අපට අපේ ස්වාධීනත්වය පාවා දෙන්නට බැහැ.

රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලදී හෝ, ජාත්‍යන්තර වෙළෙඳ ගනුදෙනුවලදී කිසිදු විදේශ රටක් හමුවේ දනින් නොවැටෙන රටේ ස්වෛරිත්වය හැමවිටම ආරක්ෂා කරන ඕනෑම රටක් සමග සම තත්ත්වයෙන් ගනුදෙනු කරන දේශාභිමානය සුරකින ගෞරාන්විත පාලනයක් අපි ස්ථාපිත කරනවා.
විශේෂයෙන්ම ආර්ථික වැදගත්කමක් තියෙන අපේ භූ ප්‍රදේශ හෝ භෞතික සම්පත්, කිසිවිටකත් වෙනත් රටවල් සතු නොකිරීම අපේ ප්‍රතිපත්තියයි.ශ්‍රී ලාංකීය ජාතිය ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් ඇති අභිමානවත් ජාතියක්බවට පත් කිරීම මගේ අභිලාෂයයි.ඒ අරමුණ කරා යන ගමනේදී ජාතියක් ලෙස එක්ව ක්‍රියා කිරීමෙන් අප හමුවේ ඇති සියලු අභියෝග ජයගන්නට පුළුවන්.

මම මගේ රටට ආදරය කරනවා. මම මගේ රට ගැන ආඩම්බර වෙනවා. මට මගේ රට ගැන දැක්මක් තිබෙනවා.

ඉතිහාසය විසින් වත්මන් පරපුර මත පවරා ඇති ඵෙතිහාසික වගකීම බාරගන්නට මා සමග එක්වන මෙන් ඔබ සියලුදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.