Saturday, May 18, 2024

General line - 0115112241

ජනාධිපතිගේ රාජාසන කතාවෙන් පසුව පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සුහද හමුවක්




ජනාධිපතිවරයාගේ රාජාසන කථාවෙන් අනතුරුව කථානායකවරයා විසින් ලබා දෙන සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය පැවැත්වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේ මන්ත්‍රිවරුන්ගේ භෝජනාගාරයේදීයි.

ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, කථානායක කරූ ජයසූරිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, දෙමළ ජාතික සන්ධාන නායක ආර් සම්බන්ධන් යන මහත්වරුන් ඇතුලු මැති - ඇමතිවරුන් රැසක් එක්ව සිටි බවයි නෙත් නිව්ස් පාර්ලිමේන්තු වාර්තාකරු සජිත් තිලකරත්න පැවසුවේ.

පක්ෂ - විපක්ෂ මන්ත්‍රීවරුන් ඇතුලු පිරිස සුහදශීලී අයුරින් කථාබස් කරමින් එම සාදයට එක්ව සිටි බව ද නෙත් නිව්ස් වාර්තාකරු පැවසුවා. කෙසේ වෙතත්, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුවන් මෙම තේපැන් සාදයට එක්ව නොසිටි බවයි නෙත් නිව්ස් පාර්ලිමේන්තු වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ. 

මෙම තේපැන් සාදයෙන් අනතුරුව මැති - ඇමතිවරුන් කිහිපදෙනෙකු මාධ්‍ය වෙත අදහස් දැක්වූවා. සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එහිදී පළ කළේ මෙවන් අදහසක්.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක එහිදී අදහස් පළ කළේ මෙලෙසයි.