Saturday, May 18, 2024

General line - 0115112241

ඔරුගොඩවත්ත අඹතලේ මාර්ගය හෙට රාත්‍රියේ වැසෙයි




වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත අඹතලේ මාර්ගය හෙට (04) රාත්‍රී 10.00 සිට අනිද්දා (05) උදෑසන 05.00 දක්වා වසා තබන බව මාර්ග හා මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා. ඒ, එම මාර්ගයේ පිහිටි බුත්ගමුව යකඩ පාලමෙහි අලුත්වැඩියා කටයුතු හේතුවෙන්.

ඒ අනුව ඔරුගොඩවත්ත අඹතලේ මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන සඳහා වෙනත් විකල්ප මාර්ග භාවිත කරන ලෙස ද මාර්ග හා මහාමාර්ග අමාත්‍යාංශය රියදුරන්ට දැනුම් දී සිටිනවා.