Sunday, May 19, 2024

General line - 0115112241

රාජගිරිය අනතුරේ රියදුරාටත් ඇප




හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට ද චෝදනා එල්ල වූ රාජගිරිය ප‍්‍රදේශයේ රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔහුගේ රියදුරා බව පැවසෙන පුද්ගලයාට ද අද (06) ඇප හිමිවුණා.

ඒ, ඔහු කොළඹ මහේස්ත‍්‍රාත් අධීකරණයට ඉදිරිපත් කළ අස්ථාවේදීයි.

ඒ අනුව රියදුරා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02 ක් මත මුදාහරින ලෙසටයි නියෝග කෙරුණේ.

2016 වසරේ සිදුවූ මෙම රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට ද ඉකුත් දා ඇප හිමිවුණා.