Sunday, May 19, 2024

General line - 0115112241

ගැටළුව සාකච්ඡා මාර්ගයෙන් විසඳගන්න ඇමති දෙපාර්ශ්වය ගෙන්වයි




ලංකා විදුලිබල මණ්ඩලය විසින් රුපියල් බිලියන 86 ක මුදලක් ලබාගත් ඉන්ධන වෙනුවෙන් ගෙවීමට ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

විදුලිබල මණ්ඩලයේ සමස්ථ පාඩුව රුපියල් බිලියන 200 ඉක්මවා ඇති බව ද අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා. 

මෙම පාඩුව හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට ඉන්ධන සැපයීම නතර කිරීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබූ බවට වාර්තා පළ වුණා.

ඒ පිළිබඳ අමාත්‍යවරයාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ අදාළ තීරණය තාවකාලිකව නතර කිරීමට මේවනවිට හැකිවී ඇති බවයි.  දෙපාර්ශ්වයේම ප‍්‍රධානීන් ගෙන්වා පවතින ගැටලූව සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.