Sunday, May 19, 2024

General line - 0115112241

දැරියට පහරදීමේ සිද්ධිය : පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකුගේ වැඩ තහනම්  




නිකවැරටිය කොටවෙහෙර ප්‍රදේශයේ දී දැරියකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකුගේ වැඩ තහනමට ලක් කර තිබෙනවා. ඒ එම දැරියට පහරදීමේ සිද්ධියට අදාලව ලද පැමිණිලි භාර නොගැනීම හේතුවෙන්.

මේ අනුව පැමිණිල්ල බාර නොගත් නිකවැරටිය සහ කොටවෙහෙර පොලිස් ස්ථාන දෙකෙහිම ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරියන් දෙදෙනාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බවයි ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කලේ.

මෙම දැරියට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ පියා සහ කාන්තාවන් දෙදෙනෙක් මේ මස 16 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා.