Sunday, May 19, 2024

General line - 0115112241

රෝස් ටේලර් නවසීලන්ත පිතිකරුවන්ගේ ඉතිහාසය වෙනස් කරයි




නවසීලන්ත සුපිරි පිතිකරු රෝස් ටේලර් නවතම ටෙස්ට් කි‍්‍රකට් වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

ඒ, නවසීලන්ත පිතිකරුවෙකු ලෙස ටෙස්ට් තරග ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවා බවට පත්වෙමින්.

ඔහු මෙලෙස පසුකර ගියේ ලකුණු 7,172 ක් රැස්කර ගෙන සිටි නවසීලන්ත සුපිරි පිතකරු ස්ටීවන් ෆ්ලේමින්ග් තබා තිබූ වාර්තාවයි.

ඕස්ටේ‍්‍රලියාව සමග මේ වනවිට පැවැත්වෙන 03 වන ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී රෝස් ටේලර් මෙම වාර්තාව බිහිකළා.

ඒ අනුව ඔහු මේ වනවිට ටෙස්ට් තරග 98 කදී රැස්කර ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 7,174 ක්.