Saturday, May 18, 2024

General line - 0115112241

සුදු වෑන් නඩුව : ඖෂධ සංස්ථාවේ හිටපු සභාපති ඇතුළු තිදෙනාට ඇප 




සුදු වෑන් මාධ්‍ය සාකච්ජාව පැවැත්විම සම්න්ධයෙන් අත් අඩංගුවට ගනු ලැබු පුද්ගලයින් දෙදෙනා සහ ඊට මුදල් යෙදවු බව කියන ඖෂධ සංස්ථාවේ හිටපු සභාපති රූමි මෙහොමඩ් ඇප මත මුදා හැරිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කළා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළේ සැකකරුවන් දෙදෙනා ලක්ෂ 5 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි. ඊට අමතරව සැකකරුවන්ගේ විදෙස් ගමන් ද තහනම් කෙරුණා.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සමඟ සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ පුද්ගලින් දෙදෙනා සහ ඖෂධ සංස්ථාවේ හිටපු සභාපතිවරයාගේ පැමිණිල්ල අද දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද කැඳවනු ලැබුවා. 

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ මෙම සැකකරුවන් වන්නේ කොටහේන පදිංචි ඩබ්ලිව්.ජී අතුල සංජීව මදනායක  (46) නොහොත් ‘උණ්ඩියල් අතුල‘ සම අහුගම්මන ,අම්පාර පදිංචි එස්.ඩබ්ලිව්.ඒ සරත් කුමාර (45) යන දෙදෙනායි.  

පැහැරගෙන යාම, මංකොල්ල කෑම, වදහිංසා පැමිණවීම යන චෝදනා මත පසුගිය වසරේ දෙසැම්බර් 13 වැනිද රාත්‍රී 7.45   පමණ කඩවත මහර ප්‍රදේශයේ හෝටලයකදී මෙම සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.