Saturday, May 18, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් සිය හිස් වැසුම වෙන්දේසියේ තැබූ ෂේන් වෝර්න්




ඕස්ට්‍රේලියාවේ පැතිරී යන බිහිසුණු ලැව් ගිනි සඳහා ආධාර රැස් කිරීම සඳහා සිය "ටෙස්ට් හිස් වැසුම" වෙන්දේසි කිරීමට ලොව සුපිරි පා දඟ පන්දු යවන්නා වන ෂේන් වෝර්න් තීරණය කර තිබෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔහු සඳහන් කර සිටින්නේ ඕස්ට්‍රේලියාව මුහුණ දී සිටින අභාග්‍ය සම්පන්න තත්ත්වය හමුවේ මේ ආකාරයෙන් හෝ ඊට උපකාර කිරීමට තමන් හැකි සියලු උත්සහයන් ගන්නා බවයි.

" ඕස්ට්‍රේලියාවේ පැතිරෙමින් පවතින බිහිසුණු ලැව් ගිනි හේතුවෙන් අප සියලු දෙනාම අවිශ්වාසයට පත්ව තිබෙනවා. මෙම විනාශකාරී ගින්න බොහෝ මිනිසුන්ට සිතාගත නොහැකි ලෙස බලපා ඇති අතර එය අප සැවොම ස්පර්ශ කර ඇත. ජීවිත අහිමි වී ඇත, නිවාස විනාශ වී ඇති අතර සතුන් මිලියන 500 කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇත.

සෑම කෙනෙකුම මෙම ව්‍යාකූලතාවයේ සිටින අතර අපි දිනපතාම දායක වීමට සහ උපකාර කිරීමට ක්‍රම සොයමින් සිටිමු. මෙය මගේ ටෙස්ට් වෘත්තිය පුරාම මා පැළඳ සිටි මගේ ආදරණීය කොළ පැහැති හිස් වැසුම (ටෙස්ට් ක්‍රීඩක අංක 350) වෙන්දේසි කිරීමට හේතු වී තිබේ. ව්‍යාකුලවි සිටින අප මිනිසුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් උපකාර කිරීම සඳහා මගේ කොළ පැහැයෙන් යුත් ටෙස්ට් හිස් වැසුම වෙන්දේසි කිරීම හරහා සැලකිය යුතු අරමුදල් රැස්කර ගත හැකි යැයි මම බලාපොරොත්තු වෙමි" ෂේන් වෝර්න් සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා සිය රසිකයින්ගෙන් ආයාචනා කර තිබෙනවා.