Saturday, May 18, 2024

General line - 0115112241

බඩඉරිගු සහ රටකජු ආනයනයට තහනමක්




බඩඉරිගු සහ රටකජු ආනයනය තහනම් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ලබන 15 වනදා සිට මෙම තහනම ක්‍රියාත්මක වන බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පැවසුවේ. 

ශ්‍රී ලංකාවේ බඩඉරිගු සහ රටකජු අස්වැන්න නුදුරේදීම වෙළද පොලට පැමිණීමට නියමිතව තිබෙනවා. එහිදී ශ්‍රී ලාංකික ගොවියාට ඔවුන්ගේ අස්වැන්න සදහා හොද මිලක් ලැබීම තහවුරු කිරීම සදහායි බඩඉරිගු සහ රටකජු ආනයනය මෙලෙස තහනම් කර ඇත්තේ.

මෙවර මාස් කන්නයේ බඩඉරිගු අස්වැන්න ටොන් ලක්‍ෂ 3 ක් පමණ වෙතැයි ඇස්තමේන්තු කර තිබෙනවා. රටකජු අස්වැන්නද ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් තරම් ලැබෙනු ඇතැයි අපේක්‍ෂිතයි.