Saturday, May 18, 2024

General line - 0115112241

පොලිස් කතක් සපාකෑ එංගලන්ත යුවතිය හබරාදූවේදී අත්අඩංගුවට

ලලිත් චාමින්ද - ගාල්ල




උප පොලිස් පරීක්‍ෂකවරියකට පහර දී අත සපාකෑ බවට සැකපිට එංගලන්ත ජාතික කාන්තාවක් හබරාදූව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හප්පාවන ප්‍රදේශයේ තාවකාලික ලැගුම්හලක සිදු කෙරුණු වැටලීමකදීයි මෙම පහරදීම සිදුව ඇත්තේ. උප පොලිස් පරීක්‍ෂකවරිය ඇතුළු වැටලීමට ගිය නිලධාරීන් එහිදී සැකකාර කාන්තාවගෙන් සහ ඇගේ සැමියාගෙන් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර ඉල්ලා තිබෙනවා. කාන්තාව පහරදීම සිදුකර ඇත්තේ එම අවස්ථාවේදීයි. 

සැකකාර කාන්තාවගේ සැමියාද එංගලන්ත ජාතිකයෙකු වනවා. මෙම යුවළ වසර 10 ක් පමණ තිස්සේ ශ්‍රී ලංකාවට පැමිණෙන අය බවයි විමර්ශනවලින් හෙළිවී ඇත්තේ. ඔවුන්ගේ වීසා බලපත්‍රවල කාලය ඉකුත් දෙසැම්බර් මස 6 වනදායින් අවසන් වී ඇතැයිද හෙළි වී තිබෙනවා. 

සැකකාර කාන්තාව සමග ඇගේ සැමියාද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනාම කරාපිටිය ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කෙරුණු බවයි හබරාදූව පොලීසිය පවසන්නේ. පහරදීමට ලක් වූ උප පොලිස් පරීක්‍ෂකවරියද කරාපිටිය ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කෙරුණා.