Saturday, May 18, 2024

General line - 0115112241

පර්පෙචුවෙල් ට්‍රෙෂරිස් සමාගමට එරෙහි තහනම දිගු කෙරේ 




පර්පෙචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවමින් පනවා තිබූ තහනම තවත් මාස 6 කට දීර්ඝ කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදු කෙරෙන නිසා මෙම තීරණය ගත් බවයි. 

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත සහ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ කරන ලද නියෝගයන්ට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අදාළ විමර්ශන සිදුකරනවා.