Sunday, May 19, 2024

General line - 0115112241

සී අයි ඩීයේ හිටපු අධ්‍යක්‍ෂ ශානිගේ වැඩ තහනම් කරන්නැයි ඉල්ලීම්




පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සන්තකයේ තිබී සොයාගත් හඩපටවලින් හෙළි වූ කරුණු අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකරගේ වැඩ තහනම් කළයුතු බව රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසනවා. ඔහු ඒ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකදීයි.

මේ අතර රංජන් රාමනායක මන්ත්‍රීවරයා සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර අතර සිදුවූ බව කියන සංවාදවල තවත් හඩපට කිහිපයක් සිංහලේ සංවිධානය අද (06) ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත භාරදුන්නා. එම හඩපට මාධ්‍ය වෙතද නිකුත් කෙරුණා.

ඇතැම් මහජන නියෝජිතයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රංජන් රාමනායක මන්ත්‍රීවරයා සහ විමර්ශන නිලධාරීන් අතර ඇති වූ බව කියන සංවාදද මෙම හඩපටවල ඇතුළත්.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලද අද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඒ සැක සහිත සංවාද ඇතුළත් මෙම හඩපට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සතුව තිබෙන බව දැනගත් ආකාරයද හෙළි කරමින්. 

එක්සත් ජාතික පක්‍ෂයේ මහජන නියෝජිතයන් කිහිප දෙනෙකුද අද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. මේ, පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා.

මේ අතර රංජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමෙන් සෙසු මහජන නියෝජිතයන් බිය ගැන්වීමට ආණ්ඩුව උත්සාහ කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර චෝදනා කළා.