Sunday, May 19, 2024

General line - 0115112241

බස් අනතුරෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 12ක් වෙයි




පස්සර, මඩොල්සිම මාර්ගයේ හයේ කණුව ප‍්‍රදේශයේදී ඊයේ (06) පස්වරුවේ සිදුවූ අනතුරකින් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 12ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

අනතුරින් පුද්ගලයින් 30කට වැඩි පිරිසක් තුවාල ලබා සිටින බවයි පොලිසිය පැවසුවේ.

ලංකා ගමනාගමන මණ්ඩගයට අයත් මෙම බස් රථය පස්සර සිට මඩොල්සිම දක්වා ධාවනය වෙමින් තිබියදී 06යේ කණුව ප‍්‍රදේශයේදී අඩි 200ක පමණ ප‍්‍රපාතයකට පෙරලීමෙන් අනතුරකට ලක්වුණා.

තවත් වාහනයකට එම මාර්ගයේ ඉඩ ලබා දීමට උත්සාහ කළ අවස්ථාවේදීයි මෙම බස් රථය මෙලෙස ප‍්‍රපාතයකට පෙරළි ඇතැයි පැවසෙන්නේ.

තුවාල ලැබූවන් අතර පොලිස් නිළධාරීන් සිව් දෙනෙකුද වනවා. මියගිය පුද්ගලයින්ගේ මරණ පරීක්ෂණ බදුල්ල මහ රෝහලේදී අද (07) සිදු කිරීමට නියමිතයි.

මෙම අනතුර සම්බන්ධයෙන් පස්සර පොලිිසිය සහ ලංකා ගමනාගමන මණ්ඩලය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.