Sunday, May 19, 2024

General line - 0115112241

"මුලින් තිබූ ක්‍රමවේදය යළිත්" - ප‍්‍රවාහන සේවා රාජ්‍ය ඇමතිගෙන් පැහැදිළි කිරීමක්




මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවට රියදුරු පරීක්‍ෂකවරුන් බඳවා ගැනීමේ තරග විභාගය අයථා ලෙස කල් දමා ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

ඒ පිළිබඳ කළ විමසීමකදී ප‍්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පැවසුවේ මෙම විභාගය කඩිනමින් පැවැත්වීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.

රියදුරු බලපත‍්‍රය ලබාගැනීම සඳහා වන ප‍්‍රායෝගික පරීක්‍ෂණය ශී‍්‍ර ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝවලදී පැවැත්වීමට හැකිවන පරිදි මුලින් තිබූ ක‍්‍රමය යළි හඳුන්වා දීමටද ඉදිරියේදී පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මෙහිදී කියාසිටියේ.