Sunday, May 19, 2024

General line - 0115112241

වැඩිම කාර්යාලීය දුම්රිය ගණනක් ධාවනය වන මාර්ගය ගැන අනාවරණයක්




පොල්ගහවෙල සිට වාද්දුව දක්වා නව සංඥා පද්ධතියක් ස්ථාපිත කළයුතු බවට දුම්රිය දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබෙනවා.

වැඩිම කාර්යාලීය දුම්රිය ගණනක් ධාවනය වන්නේද මෙම මාර්ගයේයි. එහි නව සංඥා පද්ධතියක් ස්ථාපිත කළහොත් දුම්රිය ප‍්‍රමාදයන් බොහොමයක් ද අවම කරගත හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබෙනවා.

එසේ නොමැතිව අලුත් දුම්රිය කොතරම් ධාවනයට එක් කළද ප‍්‍රමාදයන් වළක්වා ගත නොහැකි බවයි පැවසෙන්නේ. නව සංඥා පද්ධතියක් ස්ථාපිත කළහොත් අනතුරු වළක්වා ගැනීමටද එමගින් හැකි වනු ඇතැයි හඳුනාගෙන තිබෙනවා. 

අදාළ නිර්දේශ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රවාහන අමාත්‍යාංශය වෙත භාරදී තිබෙන්නේ ඉකුත් ආණ්ඩුව සමයේදීයි.

එහෙත් මේ දක්වාත් ඊට අනුමැතිය ලැබී නොමැති බවයි නෙත් නිවුස් කළ සොයාබැලිමේදී හෙළි වුණේ.

පොල්ගහවෙල සිට වාද්දුව දක්වා දැනට ඇති සංඥා පද්ධතියේ එක් කොටසක් වසර සියයක් පමණද අනෙක් කොටසද වසර 60 ක් පමණද පැරණි වනවා.