Sunday, May 19, 2024

General line - 0115112241

ජාතික ආරක්ෂාව වෙනුවෙන් පැය 24පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මැදිරියක්




ජාතික ආරක්ෂාව සහ මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා පැය 24පුරා ක්‍රියාත්මක පොලිස් විශේෂ කාර්ය බලකා මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේදීයි. ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ උපදෙස් පරිදි මෙම විශේෂ මෙහෙයුම් මැදිරිය ස්ථාපිත කර තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්, කප්පම්කරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු එම මෙහෙයුම් මැදිරිය වෙත ලබාදිය හැකියි. 011 2 580 518, 0112 058 552 යන දුරකතන අංක ඇමතීමෙන් ඒ පිළිබඳ තොරතුරු ලබා දිය හැකි බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ අනදෙන නිළධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් පැවසුවේ.