Sunday, May 19, 2024

General line - 0115112241

රන්ජන් ගේ දුරකථන ඇමතුම් ගැන විමර්ශනය කරන්න ජනාධිපති කොමිසමක් ඉල්ලයි 




 

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ ආන්දෝලනාත්මක දුරකතන සංවාද සමග මතුව ඇති තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක්, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කළ යුතු බවටත්, පාර්ලිමේන්තු විවාදයක් පැවැත්විය යුතු බවටත් අද (07) දිනයේ අදහස් පළවුණා. 

මේ, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ. 

රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ද අද පැවැති මාධ්‍ය හමුවකදී මෙම දුරකතන සංවාද සම්බන්ධයෙන් අදහස් පළ කළා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඉල්ලා සිටියේ අදාළ දුරකතන සංවාදවලදී මතුවන කරුණු පිළිබඳ සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බවයි‘. 

කෙසේවෙතත්, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මේ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.

මේ අතර හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී එන් රණවක ලබාදුන් නඩු තීන්දු සම්බන්ධයෙන් නැවත සලකා බලන්නැයි අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත අද පැමිණිලි කිහිපයක් ද ඉදිරිපත් වී තිබෙනවා.