Sunday, May 19, 2024

General line - 0115112241

පොහොර සහනාධාරයෙන් කොටසක් කාබනික වෙයි




පොහොර සහනාධාරය යටතේ ලබා දෙන පොහොරවලින් කොටසක් කාබනික පොහොර ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා. නෙත් නිවුස් කළ විමසීමකදී කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මේ බව සඳහන් කළා. රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් කාබනික ගොවිතැන දිරිමත් කිරීමේ යෝජනාව ක්‍රියාවට නැංවීමේ පළමු අදියර ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරන බවයි. 

ලෝකයේ දියුණු රටවල් කිහිපයක්ම මේ වනවිට කාබනික ගොවිතැන සිදුකරමින් ඇති බවයි රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.