Sunday, May 19, 2024

General line - 0115112241

ස්වීඩන් පවුලක් දරුකමට හදාගත් මැතිල්ඩා කාර්ල්සන් ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් යන්න සුදුසුකම් ලබයි




ජපානයේ ටෝකියෝ හි පැවැත්වෙන ඔලිම්පික් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ මැතිල්ඩා කාර්ල්සන් සුදුසුකම් ලබා තිබෙනවා. ඒ මෙවර ඔලිම්පික් තරගාවලියේ ප්‍රදර්ශනාත්මක අශ්වාරෝහක ධාවන අංශය වෙනුවෙන්ය.

ශ්‍රී ලංකාවේ උපත ලබා ඇති ඇයට මාස 03ක් වන විට ස්වීඩන් ජාතික යුවලක් විසින් දරුකමට හදා වඩා ගැනීමට භාරගෙන ඇත. ජර්මනියේ ජිවත් වෙන ඇය මෙවර ඔලිම්පික් තරගාවලිය සඳහා තරග වදින්නේ ශ්‍රී ලංකා ධජය යටතේ වීම විශේෂත්වයක්. 

Longines Global Champions Tour සමාගමේ ස්ථිර අශ්වාරෝහක ධාවකයෙක් වන ඇය ජර්මනියේ, අමෙරිකාව ඇතුළු යුරෝපයේ රටවල් වල නමක් දිනා ඇති අශ්වාරෝහක ධාවනියක් ද වනවා.

" ආරම්භය සිට අවසානය දක්වාම මෙය ඇදහිය නොහැකි ගමනක්. පසුගිය වසරේ උඩු යටිකුරු වන සිදුවීම් බොහෝයි. නමුත් අපි අවසානයේ එය සිදු කරන්නට හැකිවුනා.මගේ මුළු කණ්ඩායමෙන් මට ලැබුණු සියලු සහයෝගය ගැන මම ස්තුති වෙනවා. ඔබලා නොමැතිව මට එය සිදුකරන්නට හැකියාවක් නැහැ" තමන් ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් දිනා ගැනීම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ මැතිල්ඩා කාර්ල්සන් සඳහන් කර තිබෙනවා.