Sunday, May 19, 2024

General line - 0115112241

පස්සර ලංගම බස් අනතුරින් මිය ගිය පුද්ගලයින්ට රජයෙන් වන්දි




පස්සර, මඩොල්සිම මාර්ගයේ හයේ කණුව ප්‍රදේශයේදී සිදු වූ ලංගම බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් වෙනුවෙන් අවමංගල්‍යාධාරයක් සහ වන්දි මුදලක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව මියගිය පුද්ලයෙකුගේ අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් රුපියල් 50,000ක් බැගින් ලබා දීමට ලංකා ගමනා ගමන මණ්ඩලය තීරණය කර ඇති බවයි මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය පැවසුවේ.

එමෙන්ම මෙම අනතුරින් තුවාල ලබා රෝහල් ගතකර සිටින පුද්ගලයින්ට ප්‍රතිකාර සඳහා අවශ්‍ය සියළුම ද්‍රව්‍ය ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් සැපයීමට තීරණය කර තිබෙනවා. මේ අතර ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස්රථ අනතුරුවලින් මියගිය පුද්ගලයින් සඳහා මෙතෙක් ලබා දුන් රුපියල් 25,000ක අවමංගල්‍යධාර මුදල රුපියල් 50,000දක්වා වැඩි කිරීමටද රජය තීරණය කර තිබෙනවා.

ඔවුන් වෙනුවෙන් සුදුසු වන්දි මුදලක් ලබා දීමට කටයුතු කරන ලෙසද විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.