Thursday, May 9, 2024

General line - 0115112241

බදු ගන්න හැටි ජනපති කියයි




ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේ සමාරම්භක උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්වුණා.

මෙරට තිඛෙන සම්පත් භාවිතයෙන්, ආසියානු කලාපයේ ඉහළ මට්ටමේ රටක් බවට පත්වීමේ මෙතෙක් ඉටු නොවූ සිහිනය සාක්ෂාත් කර ගැනීමේ අරමුනින් ගැටලුවලින් ඔබ්බට ගොස් ඒවාට විසඳුම් සෙවීම සහ වචනයට සීමා නොවී ක්‍රියාත්මක වීම යන කරුණු පිළිබදව ද මෙම සමුළුවේ දී අවධානය යොමු කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

විවිධ පුද්ගලයන් මහ පාරේ ඇවිදමින් හා දේශපාලන වේදිකාවලට නඟිමින් කියන සුරංගනා කථා අනුව රටේ  ආර්ථික වර්ධනය ඇති කළ නොහැකි බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී පැවසුවා. ආර්ථිකය දියුණු කිරිමේ දී අධික සහනාධාර වියදම් පිළිබඳ නැවත සිතාබැලිය යුතු යැයිද සඳහන් කළා.

ක්‍රමවත්ව බදු ගෙවන පිරිස නැවත තැවතත් පීඩාවට පත් කිරීම වෙනුවට බදු නොගෙවන්නන්ගෙන් බදු අය කරමින්  ක්‍රමවත්ව බදු ගෙවන්නන්ට සහන ලබාදීය යුතු යැයි ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

13669428_10154247182941327_4057301254880488821_o