Sunday, May 19, 2024

General line - 0115112241

සිසුවියන් සිව්දෙනෙක් ලිංගික අපයෝජනය කළ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට 




පාසල් සිසුවියන් හතර දෙනෙකුව ලිංගිකව අපයෝජනය කළ වෛද්‍යවරයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අම්පාර, උහන ප්‍රදේශයේදී.

අම්පාර, උහන් ප්‍රදේශයේ පාසලක පැවැත්වෙන මැරතන් ධාවන තරගයක් සඳහා සහභාගිවීම සඳහා එම පාසලේ සිසුවියන් පිරිසක් ඊයේ (06) දිනයේදී වෛද්‍ය පරීක්ෂණයක් සඳහා එම ප්‍රදේශයේ රෝහලක් වෙත ගොස් තිබෙනවා. 

එහිදී එම සිසුවියන් පරික්ෂාවට ලක් කළ වෛද්‍යවරයා විසින් තමන්ව එම වෛද්‍ය පරීක්ෂණය සිදුකරන අවස්ථාවේදී තමන්ව ලිංගිකව අපයෝජනයට ලක් කළ බව එම සිසුවියන් සිව්දෙනෙක් උහන පොලිසිය වෙතට පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව උහන පොලිසිය විසින් වහාම අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනය කොට අදාළ වෛද්‍යවරයා ඊයේ දිනයේදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

ලිංගික අතවරයට පත්වූ සිසුවියන් සිව්දෙනා සහ සැකකරු අද (07) දිනයේදී අම්පාර අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව සැකකරු අද අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කිරීමට නියමිතව තිබෙනවා.