Sunday, May 19, 2024

General line - 0115112241

ඉන්දියාවට ලකුණු 143ක ඉලක්කයක්




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය මේවනවිට පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ශ්‍රී ලංකා පිළේ පළමු කඩුල්ල ලෙස පන්දු 16කදී ලකුණු 22 ක් රැස්කර ගෙන සිටි අවිශ්ක ප්‍රනාන්දු දැවී ගියා. දෙවන කඩුල්ල ලෙස දැවීගියේ පන්දු 21කදී ලකුණු 20 ක් රැස්කර ගෙන සිටි ධනුෂ්ක ගුණතිලකයි. ඕෂධ ප්‍රනාන්දු ලකුණු 10 කට දැවී ගියා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා පිළ පන්දුවාර 20 ක් අවසානයේ කඩුළු 09 ක් දැවී ලකුණු 142 ක් රැස්කර ගනු ලැබුවා. තරගය පැවැත්වෙන්නේ ඉන්දියාවේ ඉන්දෝර් ක්‍රීඩාංගනයේදීයි. 

 

.............................................

අද තරගයට මැතිව්ස් නැහැ : කාසියේ වාසිය ඉන්දියාවට 

(07-01-2020 19:19)

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය තවත් නොබෝ වේලාවකින් ආරම්භ වනවා. ඒ, ඉන්දියාවේ ඉන්දෝර් ක්‍රීඩාංගනයේදීයි.

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඉකුත් තරගයට නම්කළ කණ්ඩායම් 02 ම අද තරගයට ද වෙනසකින් තොරව එක්වනවා. ඒ අනුව කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා පිලට එක්වන්නේ නැහැ. 

දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබූ පළමු පන්දුවාර 20 යි 20 තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවුණා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පන්දුවාර 20 යි 20 තරග 03 ක් පැවැත්වීමට නියමිතයි.