Sunday, May 19, 2024

General line - 0115112241

ශානි අබේසේකරට විදෙස් ගමන් තහනම් 




වැඩ තහනමකට ලක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරට විදෙස් ගමන් තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

පාර්ලිමේන්තු රන්ජන් රාමනායක සමග පැවැත්වූ දුරකථන සංවාද සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන අනුව මෙම විදෙස් ගමන් තහනම පනවා තිබෙනවා.