Sunday, May 19, 2024

General line - 0115112241

දුම්රියේ වනඅලින් ගැටී මියයාම වාර්තාගත ලෙස පහළ යයි




2019 වසරේ වනඅලින් දුම්රියේ ගැටී මියයාම වාර්තාගත ලෙස අඩුවී තිබෙනවා. 2018 වසරේ එවැනි මරණ 17 ක් වාර්තා වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. මීටපෙර සෑම වසරකම වන අලින් දුම්රියේ ගැටී මියගිය සිද්ධීන් 13 ක් හෝ ඊට වැඩියෙන් වාර්තා වී තිබෙනවා.

කෙසේවෙතත්, 2019 වසරේ වනඅලින් දුම්රියේ ගැටී මියගොස් ඇත්තේ 08 දෙනෙකු පමණයි. ඉකුත් වසරේ මියගිය වන අලින් වැඩි වශයෙන් දුම්රියේ ගැටී ඇත්තේ නැගෙනහිර මාර්ගයේයි. එහි සිදුවූ අනතුරුවලින් වන අලින් 05 දෙනෙකු මියගොස් තිබෙනවා.