Sunday, May 19, 2024

General line - 0115112241

එලියට ආ හඬ පට ගැන රන්ජන් කතා කරයි : හඬ පට මාධ්‍යට නිකුත්වූ ආකාරයට ගැන අධිකරණයටත් කරුණු වාර්තා කරයි (VIDEO)




තමන්ගේ නිවසේ තිබී අත්අඩංගුවට ගත් බව කියන දුරකථන හඬ පට මාධ්‍ය වෙත නිකුත් වීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ගොනු කරමින් කරුණු වාර්තා කර තිබෙනවා.

හඬ පට මාධ්‍ය වෙතට නිකුත්වී ඇත්තේ පොලිසිය විසින් මන්ත්‍රි රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා ගේ නිවසේ තිබී එම දෘඩ තැටි සහ දුරකථනයන් ඔවුන්ගේ භාරයට ලබා ගැනීමෙන් අනතුරුව බවයි රන්ජන් රාමනායක මන්ත්‍රිවරයාගේ නිතිඥවරිය ප්‍රකාශ කර සිටියේ. පොලිසිය භාරය තිබු දෘඩ තැටි සහ දුරකථනයේ තිබුණු හඬ පට මාධ්‍යට නිකුත් වීම ගැටළු සහගත බවයි මෙහිදී එම නීතිඥවරිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

මෙහිදී අදහස් දැක්වූ රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා කියා සිටියේ තමන්ගේ ඉලක්කය වුයේ එතනෝල්, කුඩු කාරයින් ඇතුළු දුෂිතයින් හෙළි කිරීම බවයි. ඒ සදහා තමන් ගත් ක්‍රියා මාර්ග සදාචාර විරෝධිබවට චෝදනා එල්ලවී ඇති බවයි.

" පසුගිය සමයේදී පාර්ලිමේන්තු මන්ත්‍රි රංගේ බණ්ඩාර හට රුපියල් කෝටි 50ක් සහ කැබිනට් ඇමතිකමක් දෙන්නම් කියා මන්ත්‍රිවරයෙක් දුන් දුරකථන ඇමතුම ගැන මිනිස්සු විශ්වාස කලේ ඒ නිසා බැවින් බවයි. මම කෝප් කමිටු සාමාජිකයෙක්‌, දුෂණ විරෝධී ආංශික කාරක සභාවේ සාමාජිකයෙක්. මේ කමිටුවල ඉද්දි මට හොරු එක්ක, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්, අල්ලස් කොමිසමේ නිලධාරින්, මුල්‍ය අපරාධ කොමිසමේ නිලධාරින්, හිගන්නන්, ගණිකාවන් සමග සාකච්ජා කරන්න වුණා.

මේ රටේ විවාදාත්මක නඩු තිදුවක් දුන් විනිසුරුවරියක් ජිවත් වුනේ බයෙන්. ඇය කීවා තමන් දුන් නඩු තීන්දුව නිසා තමන්ට ඇසිඩ් ගහන්න යනවා කියලා. ඒ වගේම ඇගේ පවුල පිටින් ඝාතනය කරනවා කියලා. මම ඒ වෙලාවේ හිටපු පොලිස්පති පුජිත ජයසුන්දරට සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට කතා කරලා එම විනිසුරුවරියගේ ආරක්ෂාව තර කරන්න කියා ඉල්ලීමක් කළා.

ශානි අබේසේකර වගේම අධිකරණ ක්‍රේෂත්‍රයේ ප්‍රධානින් විදින දුක, ඔවුන්ට එල්ලවූ තර්ජන ගැන ඉදිරියේදී ජනතාව දැන ගන්න ලැබේවි.

මම කිසිම වංචාවක් කරලා නැහැ. මට බැදුම්කර වංචා නැහැ, පස් ඇදලා නැහැ, වෙන වෙන ඩීල් දාලා නැහැ. මම මේ හැමදේම කලේ රටේ මහජනතාව වෙනුවෙන්. ජනතාවට මම කරපු දේ ගැන ඉදිරියේදී හෙළි වේවි.

මගේ දුරකථනය, හඬ පට තිබුණු දෘඩ පටයන් මගේ ඉස්සරහමයි පොලිසිය සීල් තැබුවේ. නමුත් ඒවා මේ වෙනකම් අධිකරණයට භාර දීලා නැහැ. නමුත් මාව අත්අඩංගුවට ගත්ත දවසට පහුවෙනිදා චුදිතයාගේ නාලිකාවේ එලියට එනවා. මට පොලිසිය ගැන ලොකු ගෞරවයක් තිබුණා. නමුත් අද ඒ ගෞරවය ගැන හිතන්න වෙලා තියෙනවා. නඩු භාණ්ඩ නිසා මම හඬ පට ගැන වැඩිය කතා කරන්නේ නැහැ. 

නමුත් කවදා හරි දවසක මේ රටේ මිනිස්සු කියයි රන්ජන් ඇවිල්ලා විකිලික්ස් වෙබ් අඩවි යේ නිර්මාතෘ ජුලියන් අසාන්ජ් වගේ කෙනෙක් කියලා. මොකද මම කවුරු එක්කවත් ඩීල් දැම්මේ නැහැ. කලේ හොරකම් හෙළි කරපු එක විතරයි. මගේ ළඟ තිබිලා පොලිසියෙන් ගත්ත නඩු භාණ්ඩ මේ වෙනකම් අධිකරණයට භාර දීලා නැහැ" රන්ජන් රාමණායක මන්ත්‍රිවරයා කියා සිටියා.