Sunday, May 19, 2024

General line - 0115112241

මෙවර සාමාන්‍ය පෙළ විභාග අපේක්‍ෂකයන් වෙනුවෙන් ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ විශේෂ වැඩපිළිවෙලක්




මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්‍ෂකයන් වෙනුවෙන් ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

මෙතෙක් ජාතික හැදුනුම්පත ලබාගැනීමට ඉල්ලුම්පත් යොමුකර නොමැති අපේක්‍ෂකයන් නිසි පරිදි සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත් ලබන මාර්තු 01 වන දිනට පෙර යොමු කළ යුතුයි. ඒ, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයට හෝ වයඹ, උතුර, නැගෙනහිර සහ දකුණ යන පළාත් තුළ පිහිටි  එම පළාත් කාර්යාලවලටයි.