Sunday, May 19, 2024

General line - 0115112241

අගමැති උපදේශක ලෙස ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ පත් කෙරේ




අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදේශක ලෙස ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ පත් කර තිබෙනවා.

ඉකුත් ආණ්ඩුව සමයේ එම රජය විසින් ඉතා අසාධාරණ ලෙස සහ නීතීවිරෝධී ලෙස ගෙන ගිය දේශපාලනික මර්ධනකාරී වැඩපිළිවෙලට සහ රාජ්‍ය මර්ධනයට එරෙහිව එවක විපක්ෂයේ දේශපාලන කඳවුර ආරක්ෂා කිරීමට ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ සිය නීතීමය දායකත්වය ලබාදුන් අයෙක්. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවකු වන ඔහු කොළඹ නීති පීඨයට ඇතුලත්ව නීතී උපාධිය සම්පූර්ණ කර 1976 වසරේ නීතීඥයකු ලෙස දිව්රුම් දී නීතීඥ වෘත්තියට එක් වුණා.