Sunday, May 19, 2024

General line - 0115112241

වෙළද, ආයෝජන සහ තාක්ෂණය සම්බන්ධයෙන් ජනපති හා සිංගප්පුරු අගමැති අතර සාකච්ජාවක්




දිවයිනේ තෙදින නිල චාරිකාවක නිරතව සිටී සිංගප්පූරු නීති හා ස්වදේශ කටයුතු ඇමති කේ. ෂන්මුගම් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූවා. මෙහිදී දෙරටට වැදගත්වන කරුණු රැසක් පිළිබඳව ජනාධිපතිතුමා සහ සිංගප්පූරු ඇමතිවරයා සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියේ.

වෙළෙඳ සහ ආයෝජන කේෂ්ත්‍රයන් හි ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳව පුළුල් අවධානය යොමු කෙරුණු අතර විශේෂයෙන් ත්‍රස්තවාදය වැළැක්වීම, සයිබර් ආරක්ෂණය, අන්තවාදය පිටුදැකීම, විදේශ බලවේගයන්ගේ තර්ජන හා බලපෑම්, බුද්ධි අංශය වර්ධනය කිරීම ඇතුළු කලාපීය වශයෙන් වැදගත්වන කරුණු පිළිබඳව දෙපාර්ශ්වයේ අවධානය යොමු විය.

වෛරී ප්‍රකාශ, අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන සාවද්‍ය තොරතුරු හුවමාරුව වැළැක්වීම සහ ආගමික සංහිඳියාව පවත්වාගෙන යාම සඳහා සිංගප්පුරුව හඳුන්වා දී ඇති නව නීති සම්පාදන ක්‍රියාවලිය ගැන ද සාකච්ඡාවට බඳුන්වී ඇත.

ව්‍යාපාර සංවර්ධනය, ක්‍රියාකාරිත්වය හා ප්‍රවර්ධනය සඳහා අතිශය වැදගත් වන සහ ව්‍යාපාරික ආයතන වැඩි වශයෙන් විශ්වාසය තබා ඇති දත්ත කළමනාකරණය සඳහා උපකාරී වන සමාජ මාධ්‍ය ආකෘති පිළිබඳව ජනාධිපතිතුමා සහ අමාත්‍යවරයා අදහස් හුවමාරු කර ගෙන ඇත.

ඩිජිටල් සහ ජෛවමිතික දෙඅංශයම සම්බන්ධ කෙරෙන ප්‍රතික්ෂේප කළ නොහැකි අනන්‍යතාව හා අදාළව සිංගප්පූරුව විසින් මේ වන විට ගවේෂණය කරමින් සිටින නව තාක්ෂණික ක්‍රමවේද සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන්වී ඇත.