Wednesday, May 8, 2024

General line - 0115112241

රටේම පුපුරණද්‍රව්‍ය එකම තැනකට ගේන්න සැළසුමක්




ත‍්‍රිවිධ හමුදාව භාවිත කළ පුපුරණද්‍රව්‍ය සහ වෙඩි ද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා නව ගබඩා සංකීර්ණයක් ඉදිකිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ, ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූලවයි.

අවම ජනගහණයක් ඇති ප‍්‍රදේශයක පුපුරණද්‍රව්‍ය ගබඩා කිරීම පදනම් කරගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අද (02) ප‍්‍රකාශ වුණේ.

ඒ අනුව දැනට විවිධ ස්ථානයන් හි ගබඩා කර ඇති පුපුරණද්‍රව්‍ය අනුරාධපුර ඔයාමඩුව ප‍්‍රදේශයේ මෙලෙස ඉදිකෙරෙන ගබඩා සංකීර්ණයේ ගබඩා කරනු ඇති.