Saturday, May 11, 2024

General line - 0115112241

ලොව කොටම මිනිසා මියයයි




ඇවිදීමට හැකිව තිබූ ලොව කොටම මිනිසා ලෙස ගිනස් වාර්තා පොතට එක්ව සිටි නේපාලයේ කගේන්ද්‍ර තාපා මාගා මියගොස් තිබෙනවා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 27 ක්. කගේන්ද්‍ර තාපා මාගාගේ උස වාර්තා වන්නේ අඩි 02.24 ක් ලෙසයි.

හදිසියේ වැළඳුනු නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් කගේන්ද්‍ර තාපා මාගා මියගිය බවයි ඔහුගේ පවුලේ ඥාතීන් පැවසුවේ. කගේන්ද්‍ර තාපා මගා ලොව කොටම මිනිසා ලෙස වාර්තා අතරට එක්වුණේ 2010 වසරේ යෙදී තිබුණු ඔහුගේ 18 වන උපන් දිනය දායි.