Sunday, May 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය මේ වනවිට ක්‍රීයාත්මකයි. ඒ, හරාරේ ක්‍රීඩාංගණයේදීයී. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 406 කට දැවී ගියා. එහිදී ශෝන් විලියම්ස් ලකුණු 107 ක් රැස් කළා.

සිකන්දර් රාසා ලකුණු 72 ක් රැස් කළ අතර බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 62 ක් රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 182 කට කඩුලු 04 යි. ධනංජය ද සිල්වා කඩුළු 03ක් බිඳ හෙලුවා.

සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිල පන්දුවාර 37ක් අවසන් වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 94ක් රැස්කරගෙන සිටියා. දිමුත් කරුණාරත්න ලකුණු 44කට දැවී ගියා. ඕෂධ ප්‍රනාන්දු නොදැවී ලකුණු 41ක් රැස්කරගෙන සිටිනවා.